බස් වර්ජනය නතර වුණේ ඇයි?

පෞද්ගලික බස් හිමියන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් සේවා වැඩ වර්ජනය ලබන අඟහරුවාදා දක්වා අත්හිටවූ බව ගැමුණු විජේරත්න පවසයි.

පෞද්ගලික බස් රථවල ලීසිං පොලී අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කළේය.

ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය  අමාත්‍යා අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග විශේෂ සාකච්ඡාවක් අද පැවති බවයි.

මේ පිළිබඳ අදහස් දැක්වු ගැමුණු විජේරත්න මහතා,

“අපි පසුගිය 2වනදා විරෝධතා ව්‍යාපාරයක් කළා. ඊට සමගාමීව 9 වනදා අපි බස් ධාවනයෙන් ඉවත්වනවා කියලා දැනුම්දීමක් කරලා තිබුණා. කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුළ 50%ක ප්‍රතිලාභයක් ඒ කියන්නේ අපිට යම් සහන තත්ත්වයක් ඇති වුණා. පළාත් සභාවල ගැටලු කිහිපයක් තියෙනවා. බස්නාහිර පළාත ඇතුළු  තවත් පළාත් කිහිපයක ලොග් බලපත්‍ර නොවැම්බර්, දෙසැම්බර් ඉවත්කරන්න ඔවුන් තවමත් කටයුතු කළේ නැහැ. ඒ වාගේම අපි යෝජනා කරලා තිබුණා. බස් රථ ප්‍රතිව්‍යුහගත කරන්න අලුත් ස්ථානයක් කළමණාකරණය කරන්න. ඉතින් ඒවාගේ ඉල්ලීම් කිහිපයක් තියෙනවා.අපි ඉල්ලීම් යෝජනා කරලා තියෙන්නේ කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් ඒ වාගේම මහජනතාවට ගුණාත්මක බස් සේවයක් ලබාදීමේ අධිෂ්ඨානයෙන්. 

බ්‍රහස්පතින්දා වනවිට මගී බස් කර්මාන්තයට බලපාන ගැටලු විසඳීමට ඇමතිවරයා පොරොන්දුවක් ලබාදුන් බවත්, එම පොරොන්දුවට අනුව වර්ජනය කල් දැමීමට තීරණය කළ බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා පවසනවා.

මගී ප්‍රවාහන බස් රථ  සඳහා රජයක්‌ ලෙස ලබා දිය යුතු සහන සියල්ල මේ වනවිට ලබා දී ඇනි බවත්,ඒ අනුව ඔවුන්‌ තවදුරටත්‌ විරෝධතා කරන්‌නේ නම්  ධාවනයෙන්‌ ඉවත්වන බස් රථවල බලපත්‍ර අහෝසි කර නව බලපත්‍ර නිකුත්‌ කරන බවත්‌ විෂය භාර

රාජ්‍ය අමාත්‍ය දිලුම්  අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

කෙසේ ‌ වුවද ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම  සඳහා ශ්‍රී  ලංකාගමනා ගමන මණ්ඩලය  නිරන්තර සූදානමින්‌ පවතින බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා. ඒ සඳහා අවශ්‍ය බස් රථ රජය සතුව පවතින බවද පැවසිය.

රජය විසින්‌ තමන්ට සහන ලබා දී නොමැති  බවත්‌. ඒ අනුව ඊට එරෙහිව විරෝධතා ආරම්භ කරන බවත්‌ ප්‍රධාන බස්‌ සංගම්  කිහිපයක්‌ ප්‍රකාශ කර තිබීම සම්බන්ධයෙන් ‌රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම තත්ත්වය දිගටම ක්‍රියාත්මක කරන්නේ නම් තෝරාගත්‌ බලපත්‌ නොමැති බස්රථ ලංගමය හරහා ලබා ගෙන ඔවුන්ට දිගුකාලීනව මගී ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට රජයේ අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත්‌ අවධාරණය කළේය.

බස්‌ සංගම්  වලට සහ බස්රථ අයිතිකරුවන්‌ වැඩි ගාස්තු මුදලක්‌ අය කරන බවත්‌ කෙසේ වෙතත්‌ මගී  ජනතාව අපහසුතාවයට පත්ව ඇනි අවස්ථාවක බස්රථ හිමිකරුවන්‌ මෙවැනි ආකාරයෙන්‌ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව කණගාටුවන බවත්‌ අමාත්‍යයවරයා සඳහන්‌ කළේය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ධාවන, පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ අද සිට ලංගම බස් රථ ධාවනය උපරිම ධාරිතාවයෙන් සිදු කරන බවයි. කෙසේ වෙතත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තවමත් බස්රථ භාවිත කරන මගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවද ඔහු පවසයි.

සාමාන්‍යයෙන් දෛනිකව ධාවනය වන බස්රථ සංඛ්‍යාව 5,300ක්. මේ වන විට ධාවනයට එක්කර ඇත්තේ ඉන් බස් රථ 4,500ක් පමණයි.

Leave a Reply