එක්දහස් නවසිය හැත්තෑ දෙකේ මැයි විසිදෙවැනිදා ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමග එංගලන්තයේ මහ රැජිනගේ
ඔටුන්න මේ බිමෙන් ගැලවී බිමට වැටුණේය.ඒ සමග ලංකාවේ මහා විපර්යාසයක් සිද්ධ වූවේය.මහරැජිනගේ නියෝජිතයා වූ අග්‍රාණ්ඩුකාරවරයා විසූ රජ ගෙදර ජනපති මන්දිරය ලෙස නම් ලැබුවේය.රාජ්‍ය ලාංඡනයෙන් රැජිනියගේ ඔටුන්න ගැලවී ගොස් එතැනට ධර්ම චක්‍රය ආවේය. හැත්තෑදෙක වනතෙක් රටේ හැම කෙනෙක්ම දිවුරුම් දුන්නේ මහ රැජිනියගේ නාමයෙනි. ඉස්කෝලේ බාලදක්ෂයෝ දිව්රුම් දුන්නේ ‘‘මාගේ ආගම රැජිනිය හා රට’’ යනුවෙන් වාක්‍යයක් කියමිනි.එකල ඉහළම
බාලදක්ෂයෝ රැජින බාලදක්ෂයෝ වූවෝය. ජනරජයක් බවට පත්වීමෙන් පසු පත්වූයේ රැජින බාලදක්ෂයෝ නොව ජනපති බාලදක්ෂයෝය. රැජින නීතිඥයෝ වෙනුවට ජනපති නීතිඥයෝ පත් වූවෝය. එසේ බලන විට එංගලන්තයේ මහ රැජින ලංකාවේ අන්තිමට ඉතිරි වූයේ විනෝදයට පැරණි මුද්දර හා කාසි එකතු කරන්නන් ළඟ පමණක්ය යනුවෙන්
සිතුවා නම් එය වැරදිය.එංගලන්ත ආණ්ඩුවත්, මහ රජතුමාත් ගිය සතිය වනතුරා ලංකාවේ අරක් ගෙන සිටි තවත් තැනක්
තිබුණේය. ඒ සාක්ෂි ආඥා පනතේ හා දණ්ඩ නීතිසංග්‍රහයේය.
අධිකරණ අමාත්‍යාංශයේ නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ. ආර්. සිල්වා කියන්නේ ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු රැජිනගේ බලය නැති වුණත් දණ්ඩ නීති සංග්‍රහය ඇතුළු අණපනත්වල එංගලන්ත ආණ්ඩුව හා රැජිනිය යන වචන දෙක දිගටම තිබුණු බවය. එක්දහස් නවසිය අනූපහේදී දණ්ඩ නීති සංග්‍රහයේ ළමා අපචාර පිළිබඳ වගන්ති සංශෝධනය වුණත්
රැජිනිය සම්බන්ධ වචන වෙනස් වුණේ නැත.‘‘රැජිනිය තවදුරටත් අපේ නීතිවලට වලංගු නෑ. ඒ නිසා අණපනත්වල කෙරෙන සංශෝධනවලදී රැජිනිය හා එංගලන්ත ආණ්ඩුව ඉවත් කරන්නට අප තීරණය කළා’’ ජනාධිපති නීතිඥ යූ. ආර්. සිල්වා කියන්නේය.
නීතියේ හැටියට දණ්ඩ නීති සංග්‍රහය යනුවෙන් කියන්නේ අපරාධ වැරදිවලට හා ඊට නියම කරන දඬුවම් ඇතුළත් නීති සංග්‍රහයටය.. යම් විත්තිකරුවකුට එරෙහිව අපරාධ වරදකට නීතිපතිවරයා නඩු පවරනු ලබන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ වරදවල් කළ බවට චෝදනා කරමිනි. එම වරද විත්තිකරු කර ඇති බව ඔප්පු වන්නේ නම් ඔහු වරදකරු බවට නිගමනය
කරන විනිසුරුවරයා ඔහුට දඬුවම් නියම කරන්නේද දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙන දඬුවම් අනුවය.දණ්ඩ නීති සංග්‍රහයට එංගලන්ත ආණ්ඩුවේත්, රජතුමාගේ නම ගෑවුණෙත් එමනීති සකස් කරන සමයේ ලංකාව පාලනය කළේ බ්‍රිතාන්‍ය කිරීටය
මගින් බැවිනි.
දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන පරිදි රජතුමා යන වචනයෙන් මහා බ්‍රිතාන්‍යයත් හා උතුරු අයර්ලන්තයෙත්, එක්සත්
රාජධානියෙහි තත් කාලයේ අධිපති රජකම දරන්නකු යනුවෙන් විස්තර කර තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ
රජතුමා යනුවෙන් සඳහන්ව ඇත්තේ ඒ කාලේ එංගලන්තය පාලනය කළේ හයවැනි ජෝර්ජ් රජතුමා නිසාය. එකල ලංකාවේ ඉස්කෝල පවා උදේ වැඩ පටන් ගත්තේ,”ජෝර්ජ් අපගෙ මහ රජා මේරි බිසව ගුණ කඳා ලංකාවම රැක දිදී වැජඹෙත්සෙත් සිරි
සැදී “යනුවෙන් මහ රජ්ජුරුවන්ගේ ගුණ සිහිපත් කරමිනි.
රජතුමා දිනේවා! යනුවෙන් පන්ති කාමරවල බෝඩ් ගසා තිබූ බව ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන කොතලාවල අගමැතිවරයාගේ සමයෙහි ලංකාවට පැමිණි රැජින එක්දහස් නවසිය හැත්තෑ දෙකේ මැයි විසිදෙවැනිදා ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමග එංගලන්තයේ මහ රැජිනගේ ඔටුන්නමේ බිමෙන් ගැලවී බිමට වැටුණේය. ඒ සමග ලංකාවේ මහා
විපර්යාසයක් සිද්ධ වූවේය.
මහ රැජිනගේ නියෝජිතයා වූ අග්‍රාණ්ඩුකාරවරයා විසූ රජ ගෙදර ජනපති මන්දිරය ලෙස නම් ලැබුවේය.
දයා ලංකාපුරට තවමත් මතකය.එක්දහස් නවසිය පනස් දෙකේ පෙබරවාරි හයවැනිදා ජෝර්ජ් රජතුමා මිය ගියේය. එනමුත්
තවමත් අප අතරේ ‘රජා මරන’ කතාවක් ඉතිරි වී තිබේ. ‘රජා මරනවා’ කියන්නේ ඉංග්‍රීසි බස වැරදියට හසුරුවන විටය.කෙසේ නමුදු රජා පනස් දෙකේදී මියගිය පසු බ්‍රිතාන්‍ය කිරීටයේ කිරුළ පැලඳ වූයේ ඔහුගේ දියණියවූ එළිසබත් කුමරියය. ඇය මහ රැජිනිය වූවාට ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ දිගටම තිබුණේ රජතුමා හා රජතුමාගේ ආණ්ඩුව ලෙසය.එක්දහස් නවසිය
හැත්තෑදෙකේ මැයි විසිදෙවැනිදා දක්වා ඇය ලංකාවේද රැජිනිය වූවාය.එක්දහස් නවසිය හතළිස් අටේ පෙබරවාරි
හතරවැනිදා පූර්ව නිදහස ලැබූවද දිගටම දණ්ඩ නීති සංග්‍රහයේ ආණ්ඩුව හැඳින්වූයේ ලංකාවේ
මහ රජතුමාණන්ගේ ආණ්ඩුව යනුවෙනි.
ත්‍රිවිධ
හමුදාවේ අය විසින් කරනු ලබන වැරදි හැඳින්වූවේද
‘රජතුමාගේ නාවික හමුදාවේ හෝ යුද්ධ හමුදාවේ හෝ
ගගන හමුදාවේ….’ යනුවෙනි.
දණ්ඩ නීති සංග්‍රහයේ ‘රාජ්‍ය විරෝධී වැරදි’ යටතේ
වගන්ති ඇත්තේද රජතුමා ඈඳාගෙනය. එහි එකසිය
දාහතරවැනි හා පහළොස් වැනි වගන්තිවල සඳහන්ව
ඇත්තේ මෙසේය.
‘‘රජතුමාට විරුද්ධව යුද්ධ කරන හෝ යුද්ධ කිරීමට
තැත් කරන හෝ යුද්ධ කිරීමට අනුබල දෙන යමකුට
මරණීය දඬුවම හෝ අවුරුදු විස්ස දක්වා කාලයක
දෙයාකාරයෙන් එක් අකාරයකට බන්ධනාගාර ගත
කිරීමකින් දඬුවම් කළ යුතුය. ඔහුගේ සියලු දේපළද
අහිමි කළ යුතුය’’ යනුවෙනි.
මහ රජතුමාගේ ඩොමීනියන් රාජ්‍යයක රාජ්‍යත්වය
රජතුමාගෙන් පැහැර ගැනීමට කුමන්ත්‍රණය කරන
නැතහොත් සාපරාධී බලහත්කාරයෙන් හෝ සාපරාධී
බලහත්කාරය පෙන්වීමකින් ලංකාණ්ඩුව බියට පත්
කිරීමට කුමන්ත්‍රණය කරන යමකුට අවුරුදු විස්සක්
දක්වා කාලයක
දෙආකාරයෙන් එක්
ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින්
දඬුවම් කළ යුතුය. ඔහු දඩයකට යටත් විය
යුතුය’’ යනුවෙනි.
එක්දහස් නවසිය හතළිස් අටේදී ලංකාව නිදහස
ලැබූ පසුවද අවස්ථා
ගණනාවකදී මහ
රැජිනියගේ ආණ්ඩුවට
එරෙහිව කැරැලි ගැසීමේ
චෝදනාව යටතේ
නඩු පවරනු ලැබුවේ
මේ වගන්ති යටතේය.
එක්දහස් නවසිය
හැට දෙකේ හමුදා
කුමන්ත්‍රණයට චෝදනා
එල්ල වූ ජ්‍යෙෂ්ඨ
පොලිස් හා හමුදා
නිලධාරීන්ට එල්ල වූවේත් මේ චෝදනාවය.
හමුදා
නිලධාරීන් කළ කුමන්ත්‍රණයේ බළල් අත අග්‍රාණ්ඩුකාර
සර් ඔලිවර් ගුණතිලක බවට චෝදනාවක් එල්ල
විය. නමුත් ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කෙරුණේවත්
නැත. ඊට හේතු වූයේ සර් ඔලිවර් එංගලන්ත මහ
රැජිනියගේ නියෝජිතයා වීමය. එබැවින් ඔහුට අත
තැබීමට ලංකාවේ කිසිවෙක් නොවීය. මේ අතරේ
අගමැති ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් අගමැතිනි
සිරිමාවෝ බණ්ඩාරනායකගේ රහස්‍ය පණිවුඩයක්
රැගෙන එංගලන්තය බලා යාමට අහස් යාත්‍රාවට
නැග්ගේය. බ්‍රැඩ්මන් වීරකෝන් ලියූ ‘අරලියගහ
මැදුරේ ස්පන්දනය’ කෘතියේ සඳහන් වන ආකාරයට
එම රහස්‍ය ලිපියේ තිබුණේ සර් ඔලිවර් ඉවත් කරන
ලෙස මැතිනිය මහ රාජිනියට කළ ආයාචනාවකි.
මේ අතරේ අගමැතිනිය හැටදෙකේ පෙබරවාරි
විසිහය වැනිදා නිවේදනයක් නිකුත් කළාය. එහි
මෙසේ සඳහන්ය.
‘‘ජී. සී. ඇම්.,
ජී. කේ., ඩී. වී.
ඕ., කේ. බී. ඊ.
නාමධාරී ශ්‍රීමත්
ඔලිවර් ගුණතිලක
උතුමාණන්
වෙනුවට ලංකාවේ
අග්‍රාණ්ඩුකාරයා
වශයෙන්, ඇම්.
බී.ඊ. නාමධාරී
විලියම් ගොපල්ලව
උතුමාණන් පත්කිරීම අනුමත කිරීමට මහ රාජිනීන්
වහන්සේ, එතුමියගේ ලංකා ආණ්ඩුවෙ නිර්දේශය
පරිදි, කරුණා පෙරටුව සතුටු වී ඇති බව මෙයින්
ප්‍රකාශ කරමි.
තවද මෙම පත්වීම 1962 මාර්තු 2 වැනි
දින සිට ක්‍රියාකාරී වෙනවා ඇත’’ යි අගමැතිනියගේ
නිවේදනය කියයි.
කෙසේ නමුදු ලකිසුරු සර් ඔලිවර් ගුණතිලක
අස් කළ පසුව කුමන්ත්‍රණ චෝදනා එල්ල වූ
විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරුණි. මහ
රැජිනියගේ රජයට එරෙහිව කැරලි ගැසීමේ
චෝදනාවට වරදකරුවන් වූ ඔවුන්ට අවුරුදු
දහයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම
කර ඔවුන්ගේ දේපළද රාජසන්තක කෙරුණි.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි රාජ නීතිඥ,
ජී. ජී. පොන්නම්බලම් තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු
ප්‍රකාශ කළේ තීන්දුවට එරෙහිව රාජාධිකරණයට
අභියාචනයක් ඉදිරිපත් කරන බවය.
එකල ලංකාවේ අධිකරණයෙන් වැරදිකරුවන්
වන අයට බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලයට හෙවත්
රාජාධිකරණයට අභියාචනා කිරීමේ හිමිකමක් තිබුණි.
ඒ අනුව හැටදෙකේ හමුදා කුමන්ත්‍රණ චෝදනාවට
වැරදිකරුවන් වූ පිරිස එංගලන්තයේ රාජාධිකරණයට
අභියාචනා කර නිදහස ලැබූහ.
එක්දහස් නවසිය හැටහයේදීත් යළිදු වරක් රාජ්‍ය
විරෝධී කුමන්ත්‍රණ සිද්ධියක් කරළියට ආවේය. එම
සිද්ධියට චෝදනා එල්ල වූයේ රාජකීය පණ්ඩිත
හේන්පිටගෙදර ඥානසීහ හිමි, හිටපු යුද හමුදාපති
මේජර් ජෙනරාල් රිචඩ් උඩුගම ඇතුළු විත්තිකරුවන්
විසිඅට දෙනකුටය. නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව
ගොනු කළ මූලික චෝදනාව වූයේ මහ
රැජිනට විරුද්ධව යුද්ධ කිරීමට කුමන්ත්‍රණය
කිරීමෙන් අපරාධ දණ්ඩ නීති සංග්‍රහයෙ 115
වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු
වරදක් කිරීම යනුවෙනි.
මේ නඩුව විභාග වන
අතරතුරේදී නීතිපතිවරයා කළ ඉල්ලීමට අනුව
හේන්පිටගෙදර ඥානසීහ හිමි ඇතුළු විත්තිකරුවෝ
පිරිසක් නිදහස් කරනු ලැබූහ. නඩු විභාගයෙන්
පසු සෙසු විත්තිකරුවෝද නිදහස ලැබුවෝය.
රැජිනියට විරුද්ධව කුමන්ත්‍රණය කළැයි යන
චෝදනාව යටතේ ඊළඟට නඩු පවරනු ලැබුවේ
හැත්තෑ එකේ මහ නඩුවේ රෝහණ විජේවීර ඇතුළු
විත්තිකරුවන්ට එරෙහිවය.
එම නඩුව විභාග වනවිට
මහ රැජිනියගේ තේජස ලංකාවෙන් වියැකී ගොස්
තිබුණේය. ඊට හේතුව ලංකාව ජනරජයක් බවට පත්වී
තිබීමය. නමුත් විජේවීර ඇතුළු විත්තිකරුවන්ට නඩු
පැවරූ අපරාධ යුක්ති කොමිසම 1972 මැයි 17 ඇරඹූ
බැවින් රැජිනට එරෙහි කුමන්ත්‍රණ කිරීමේ චෝදනාව
ඔවුන්ට එල්ල
විය. මක්නිසාද
යත් ලංකාව
රැජිනගෙන්
නිදහස ලැබුවේ
ඊට දින පහකට,
එනම් මැයි
විසි දෙවැනිදා
බැවිනි.
නඩුවේදී
විත්තිකරුවන්
කීවේ තමා කැරලි ගැහුවේ රට වෙනුවෙන් මිසක්
මහ රැජිනියට එරෙහිව නොවන බවය.
එසේ ප්‍රකාශ
කළාට ඔවුහු නිදහස නොලැබූහ. දඟ ගෙට ගියහ. එම
පිරිසට නිදහස ලැබුණේ ජේ. ආර්. අගමැති ධුරයට
පත්වී ගෙනා නීති සංශෝධනයක් නිසාය.
හැත්තෑ හතේ අගමැති ලෙස පත්වූ ජේ. ආර්.
හැත්තෑඅටේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සම්මත
කරගෙන විධායක ජනපති පුටුවේ වාඩි වූවේය. එසේ
වුවත් ඔහුගේ කාලයේවත් මහ රැජිනිය ලංකාවේ නීති
පොත්වලින් ගියේ නැත. කොටින්ම කියනවා නම්
අපේ රට සුද්දාට සම්පූර්ණයෙන්ම යටත් වූ එක්දහස්
අටසිය පහළොවේ සිට දෙදහස් විසිඑක දක්වා වසර
දෙසිය හයක්ම මහ රජ්ජුරුවොත්, මහ රැජිනියත්
ලංකාවේ ආණ්ඩුවේ ලිපි ලේඛනවල සඳහන්ව
තිබුණේය.
ඒ වගන්තිය මුල් වරට වෙනස් වූයේ ඉකුත්
හයවැනිදාය.
ඒ දණ්ඩ නීති සංග්‍රහය හා සාක්ෂි ආඥා පනත
සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැති
ජනාධිපති නීතිඥ
අලි සබ්‍රි ඉදිරිපත්
කළ පනත්
කෙටුම්පත් දෙක
ඉකුත් හයවැනිදා
පාර්ලිමේන්තුවේ
සම්මත වීමත්
සමගය. ඒ අනුව
දණ්ඩ නීති
සංග්‍රහයේ හා
සාක්ෂි ආඥා පනතේ මෙතෙක් පැවැති මහරැජින,
එංගලන්තය යන වචන වෙනුවට ඉකුත් හයවැනිදා සිට
බලාත්මක වන පරිදි ලංකාණ්ඩුව ජනරජය යන වචන
අලුතෙන් ඇතුළත් කෙරුණි.
– අරුණ –
