කොරෝනා ආසාදිත බවට තහවුරු වූ මෘත දේහ බැහැරලීම,බෝවන රෝග පාලනය සඳහා වූ දැනට දිවයින තුල බල පවත්වන සක්‍රියම නීතිමය ප්‍රතිපාදනය 1897 අංක 03 දරන නිරෝධායන රෝග ස්පර්ශකයින් වෙන්කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතය.මෙම ආඥා පනත,
( 1917 අංක 07,1919 අංක 14,1920 අංක 14,1936 අංක 13,1939 අංක 11,1941 අංක 05 ,1943 අංක 38 සහ 1952 අංක 12 දරණ සංශෝධන වලින් සංශෝධිතව ඇත).
මෙම ආඥා පනත මගින් බෝ වන රෝග පාලනය සඳහා රෝග දැනුම් දීම,රෝගීන් විමර්ෂණය,නිරෝධායනය,රෝහල් ගත කිරීම,රෝහල් තුල රඳවා තබාගැනීම,රෝගීන් වෙන්කර තැබීම සහ බෝවන රෝගයකින් පෙළුන අයෙකු ලෙස තහවුරු වූ මෘතදේහයක් බැහැරලීම සඳහා වූ නෛතිකමය ප්‍රතිපාදන ස්ථාපිත කර ඇත.
එකී ප්‍රතිපාදන අනුව සහ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව බලධරයා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට පැවරී ඇති බලතල අනුව COVID 19 අසාදිත බවට තහවුරු වූ මෘතදේහයක් අවසන් බැහැරලීම කලයුතු ආකාරය 2020.04.11 දින නිකුත් කල අංක 2170/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් නීතිගත කර ඇත.
එහි 4 (අ) වගන්තිය අනුව එම මෘතදේහය සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක විනාඩි 45 සිට පැය 01 ක් දක්වා වූ කාල සීමාවක් නිසිබලධරයා නියම කරන ස්ථානයකදී ආදාහනය කල යුතුය.
එය දැනට ස්ථාපිතව පවතින නීතිය වන අතර එය වෙනස් කල හැක්කේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එම ගැසට් පත්‍රයේ අදාළ වගන්තිය ගැසට් පත්‍රයක් මගින් වෙනස් කිරීමකින් පමණකි.
යම් සුවිශේෂී තත්වයක් මත එය වෙනස් කිරීමට අවශ්‍යනම් විශේෂඥ උපදෙස් මත පදනම්ව එම වගන්තිය වෙනස් කරගතයුතු බව අවධාරණය කරගත යුතුය.වර්තමානයේ කටයුතු කලයුත්තේ පවතින නෛතික ප්‍රතිපාදන වලට මිසක අනාගතයේ වෙනස් වීමට නියමිත සංශෝධන වලට අදාලව නොවේ.
උපුල් රෝහණ – සභාපති,ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය.
