You are currently viewing දුම්වැටි මිල අත්තනෝමතිකව ඉහළ දැමීමේ ලාභ සහ අලාභය කා හටද?
Cigarettes in a pack. Yellow filter. Harm to health. Bad habit. A pack of cigarettes on the table. open pack of cigarettes.

දුම්වැටි මිල අත්තනෝමතිකව ඉහළ දැමීමේ ලාභ සහ අලාභය කා හටද?

Cigarettes in a pack. Yellow filter. Harm to health. Bad habit. A pack of cigarettes on the table. open pack of cigarettes.

“ශ්‍රී ලංකාවේ දුම්වැටි සඳහා වන නම්‍යතාවය” ලෙසින් දුම්කොළ බදු ප්‍රතිපත්තිය පිළිබඳ වාර්තාවක් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) මඟින් පසුගියදා නිකුත් කෙරුණි. එම වාර්තාව සම්පාදනය කිරීමේදි වෙළඳපොළ යථාර්ථයන් කිහිපයකුත් හිතාමතාම නොසලකා හැර තිබීම විශ්ලේෂණයන්හි නිවැරදිතාව පිළිබඳ සැක මතු කරයි. අනුග්‍රාහකයන් තෘප්තිමත් කිරීමේ පරමාර්ථයෙන් එලෙස හිතාමතාම සත්‍ය වසන් කිරීම ආර්ථික අස්ථාවරභාවයට හේතු වනවා මෙන්ම මහජන සෞඛ්‍ය වියදම් පිළිබඳව අමතර බරක්ද රජයට පැටවෙනු ඇත.


IPS වාර්තාවට අනුව දුම්වැටි සඳහා 10% ක මිල ඉහළ දැමීමක් හරහා දුම්පානය 8% කින් පහළ යන අතර 2023 වසරේදී බිලියන 37 කින් රජයේ ආදායම ඉහළ යනු ඇත. මෙම බදු හෝ මිල කිරීම සිදුවිය යුත්තේ උද්දමනයට අනුව බවත් ඒ හේතුවෙන් 2023 වසර වන විට දුම්කොළ භාවිතයෙන් සිදුවන මරණ සංඛ්‍යාව 1,41,391 කින් අඩු කරගත හැකි බවත් කියැවෙයි.

මෙම යෝජිත “විස්තීරණ” වාර්තාව සඳහා 2017/18 වර්ෂයන් දක්වා පමණක් ලබාගත් දත්ත පදනම් කරගෙන ඇති අතර 2019 සහ 2020 වර්ෂයන්හි සිදුවූ සිදුවීම් සහ වෙළඳපොළේ සිදුවූ පැහැදිලි විචල්‍යතාවන් කිසිදු ලෙසකින් හෝ පාදක කරගෙන නැත. සත්‍ය වශයෙන්ම රජය 2004 සිට උද්ධමන අනුපාතයට වඩා සිගරට් මිල ඉහළ නංවා තිබේ. 2014 වර්ෂයේ සිට උද්ධමනයට සමානුපාතිකව මිල ඉහළ ගොස් ඇතැයි උපකල්පනය කළහොත් දුම්වැටියක මිල විය යුත්තේ රුපියල් 48/= කි. එසේ වුවද එය අද රුපියල් 65/= දක්වා වැඩිවී ඇත්තේ 35% න අතිරේක ප්‍රතිශතයකිනි.


ගෝලීය දුම්කොළ උවදුර නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වාර්තාවට අනුව මිලදී ගැනීමේ හැකියා සමානාත්මතාව අනුව ඉහළම මිලකට දුම්වැටි අලෙවි කරන රට ශ්‍රි ලංකාව වන අතර ඒ බව IPS වාර්තාවෙන්ද සනාථ කොට ඇත. දුම්කොළ සඳහා බදු ප්‍රතිපත්තිය සැකසීමේදි ප්‍රතිපත්ති සම්පාදකයන් හා පාර්ශ්වකරුවන් මෙම කරුණ කෙරෙහි මූලික අවධානය යොමු කළ යුතුව ඇත. ලංකාවේ දුම්වැටි පැකට්ටුවක සිල්ලර මිල ඇමරිකානු ඩොලර් 6.16 වන විට තායිලන්තයේ ඇ.ඩො. 2.47 ක් සහ ඉන්දියාවේ ඇ.ඩො. 2.36 වේ. එය පිරිවැයෙන් 80% ක බදු ප්‍රමාණයක් වන අතර තවදුරටත් කලාපයේ ඉහළම මිලද වෙයි.


ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව නිපදවන දුම්වැටි අලෙවිය පහත වැටි තිබුණද ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලාංකිකයන් දුම්පානය කිරීමේ ප්‍රතිශතය පහත නොවැටි 25% ලෙසින්ම සටහන් වී ඇත. මීට හේතුව නීත්‍යානුකූල දුම්වැටි මිලදී ගැනීමට නොහැකි පුද්ගලයන් ඒ වෙනුවට හොර සිගරට් හා බීඩි වෙත යොමු වීමයි. IPS වාර්තාව ආරම්භයේදීම මෙම මිල අඩු දුම්කොළ නිෂ්පාදන පිළිබඳ වාර්තා පිළිගැනුණත් දුම්කොළ කර්මාන්තයට එහි ඇති බලපෑම අවතක්සේරු කර ඇත. කෙසේ වෙතත් නීති විරෝධී දුම්වැටි සහ බීඩි ව්‍යාප්තිය හෝ එහි බලපෑම මෙම වාර්තාවේ සඳහන් නොවේ. එහි නිර්දේශ තනිකරම අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සමස්ත දුම්කොළ වෙළෙඳපොළෙන් 30% ක් පමණ වන නීතිමය සිගරට් කර්මාන්තය සීමා කිරීම මතය.


ගෙවුණු දශක දෙකකටත් අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව දුම්වැටි ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ගමනාන්තයක් බවට පත්ව ඇත්තේ මෙහි දුම්වැටි මිල අධික වීම නිසාමය. දුම්වැටියක් රුපියල් 40/= වැනි මුදලකට අලෙවි කිරීමට හැකිවීමෙන් ජාවාරම්කරුවන්ට ලංකාවේදි එක පැකට්ටුවකින් ඇමරිකන් ඩොලර් 5 ක පමණ ලාභයක් ඉපැයීමේ හැකියාව ඇත. වරාය හා ගුවන් තොටුපළ ආශ්‍රීතව කෙතරම් වැටලීම් සිදු කළද එම දුම්වැටි වෙළඳපොළේදී පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතී. 2019 දී නීති විරෝධිව ආනයනය කළ දුම්වැටි ප්‍රමාණය මිලියන 700 ඉක්මවන අතර රුපියල් පහක් වැනි මුදලට අලෙවි වන බීඩි වෙළෙඳපොළ පරිමාවද බිලියන 5 ක් පමණ වේ.


ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සිය වාර්තාව සකස් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දුම්පානය කරන්නන් නීත්‍යනුකූල දුම්වැටි පමණක් පානය කරන බවටත්, මිල අඩු ආදේශන වලට නැඹුරුවීමක් ඇත්තේම නැති බවටත් සලකමිනි. දුම්කොළ ව්‍යාපාරය තුළ රජයට නිවැරදිව බදු ආදායම ලබාදෙන්නේ නීත්‍යානුකූල දුම්වැටි නිෂ්පාදකයන් පමණි. පසුගිය සිව් වසර තුළ දුම්වැටි මිල 100% කින් පමණ ඉහළ ගොස් තිබේ. ආරම්භයේදි මෙයින් රජයේ බදු ආදායම වැඩි වුවද පසුගිය වසර හතර ගෙවීයාමේදි ක්‍රම ක්‍රමයෙන් එය අඩුවී ඇත. රජය අතරමැදි අවස්ථාවන්හිදි අධික බදු නොපනවා වාර්ෂික මධ්‍යස්ථ සුරාබදු වැඩි කිරීම් පමණක් සිදු කර තිබුණේ නම් 2019 දී දුම්කොළ කර්මාන්තයෙන් රජයට රුපියල් බිලියන 51 ක ආදායමක් උපයාගත හැකිව තිබිණි.


වර්ෂ 2014 සිට 2016 දක්වා දුම්වැටිවලින් ලද රාජ්‍ය ආදායම මුළු බදු ප්‍රමාණයෙන් 18% ක් දක්වා වර්ධනය වූ නමුත් 2016 දී අධික ලෙස දුම්කොළ බදු ඉහළ නැංවීමෙන් පසු පහළම දායකත්වය වු මුළු බදු ප්‍රමාණයෙන් 6% ක් දක්වා එය පහත වැටුණි. IPS වාර්තාවට අනුව 10% මිල වැඩිවීම 8% කින් භාවිතය පහළ දමන්නේ නම් අදටත් පිළිගත් වාර්තාවන්ට අනුව දුම්පානය කිරීමේ ප්‍රතිශතය 25% ක් ලෙසින් නොවෙනස්ව පවතින්නේ කෙසේද ? වාර්තාවේ සඳහන් නොවුණද මීට හේතුව බීඩි හා නීති විරෝධි සිගරට් වැනි ආදේශක බව ඉතාම පැහැදිලිය. මේ මගින් රාජ්‍ය ආදායම පහළ යනවාට අමතරව මෙම ආදේශන ව්‍යාප්තිය හරහා මහජන ආරක්ෂාවට මෙන්ම සෞඛ්‍යයටද තර්ජනයක් ඇතිවේ. IPS වාර්තාවේ දැක්වෙන අන්දමට එහි ඇති නිර්දේශ 2023 වන විට ක්‍රියාත්මක වීමෙන් 2019 රුපියල් බිලියන 95 ක්ව තිබූ දුම්කොළවලින් රජය ඉපයූ ආදායම 2023 දී රුපියල් බිලියන 132 දක්වා වර්ධනය වනු ඇත. දුම්වැටි භාවිතය 2019 දී බිලියන 3.1 වූ අතර එය 2023 දී බිලයන 2.1 දක්වා පහත වැටෙනු ඇත. එමෙන්ම දුම්පානය ව්‍යාප්තවීමේ ප්‍රතිශතයද 12.5% ක් දක්වා පහළ බසී.


ඕනෑම ආකාරයක ප්‍රතිපත්තියක් තීරණය කිරීමේදි එහි තිරසරභාවය සහ අදාළත්වය සහතික කිරීම සමඟින් සම්පූර්ණ සහ නිවැරදි දත්ත සලකා බැලීම අත්‍යවශ්‍ය වේ. ඒකමතිකව අසත්‍ය තොරතුරු වාර්තාකරණය ස්වයං අභිලාෂයන් තෘප්තිමත් කිරීමට පමණක් හේතුවන අතර අදාළ ක්ෂේත්‍රයන්ට සහ සමාජයට ඉන් සිදුවන්නේ හානියක්ම පමණි. ප්‍රමුඛතම සමාජ ආර්ථික චින්තකයන් ලෙස හඳුන්වා ගැනෙන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, දේශීය සමාජ ආර්ථික ව්‍යුහයට සහ මහජන සෞඛ්‍යයට බලපාන අංග අවශ්‍යයෙන්ම නොසලකා හැර දමමින් මෙම වාර්තාව සකස් කර ඇත්තේ ඊට ආධාර හා අනුබල ලබාදුන් අනුග්‍රාහකයන් තෘප්තිමත් කිරීම වෙනුවෙන් විය යුතුය.

-අජිත් පෙරේරා-
-රාවය-

Cigarettes in a pack. Yellow filter. Harm to health. Bad habit. A pack of cigarettes on the table. open pack of cigarettes.

Leave a Reply