1919 මැයි 4 වැනි දා පෙයි-චිං නගරය මුල් කරගෙන රට පුරාම පැතිරිලා ගිය ”මැයි 4 ව්‍යාපාරය’’ කියන්නේ චීන ඉතිහාසයේ වැදගත් ම සිදුවීමක්. ජාතියක් විදිහට නැගී සිටින්න තමන්ට තියෙන වුවමනාව ඒ හරහා චීන ජනතාව මහ හඬින් කිව්වා. තම තමන්ගේ දේශපාලන කටයුතු ඒ අනුව හැඩ ගසා ගන්නත් අදාළ වගකිවයුත්තන්ට සිද්ද වුණා.
යුවාන් ෂි-කායි පැළඳ ගත්ත අධිරාජ ඔටුන්න දවස් අසූ තුනක් ඇතුළත (1916 මාර්තු 22 වැනි දා) ගලවන්න සිද්ද වුණ බව කලින් ලිපිවලින් කිව්වා. ඊට පස්සේ ඔහු දෙවැනි වතාවටත් චීන ජනරජයේ ජනාධිපති ධුරය භාර ගත්තා. ඒත් රට පුරාම ඇති වෙච්ච විරෝධතා හින්දා ඔහුට හිත සැහැල්ලූවෙන් ඒ වැඬේ කරගෙන යන්න පුළුවන් වුණේ නෑ. ඒ මදිවට ඔහු හොඳටම අසනීප වෙලා හිටියේ. ඉතින් දෙවැනි වතාවට ජනාධිපති ධුරය භාර අරගෙන දවස් හැත්තෑ හතක් ගත වෙද්දි (ජුනි 6 වැනි දා) යුවාන් ෂි-කායි මිය ගියා.

මේ නායකත්වය අහිමිවීමේ ප‍්‍රතිඵලයක් විදිහට චීනයේ යුද බලය බෙදිලා වෙන් වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ඇරැුඹිච්ච යුද බලවතුන්ගේ යුගය (වෝ ලෝඞ්ස්ලාගේ යුගය* 1928 වෙන කල්ම බලවත් විදිහට පැවැතුනා. මේ අය විසින් ඇති කර ගත්තේ ඉතාමත් බලවත් පාලන තන්ත‍්‍ර. ඒ අයට තිබුණේ හමුදා විතරක් නෙවෙයි. ඒ හමුදා පුහුණු කරන මහ පාසල්, බදු අය කිරීමේ යාන්ත‍්‍රණ වගේ ආණ්ඩුවක් පවත්තා ගෙන යන්න ඕන හැම දෙයක් ම ඒ අයට තිබුණා. දුම්රිය මාර්ග පවා ඒ අය යටතේ පාලනය වුණා. උතුරේ පෙයි-චිං නගරයේ බලය අල්ලන යුද ගැටුම් සැරෙන් සැරේ ඇති වුණා. 1917 ජූලි 1 වැනි දා ඉඳලා දවස් දොළහකට අවසාන ýං අධිරාජයා (ඒ කියන්නේ පූ-යී* නැවත වතාවක් බලයට පත් කිරීමත් මේ බල අරගලයේ ම අවස්ථාවක්.
”මැයි 4 ව්‍යාපාරය’’ විසින් අතිවිශාල ප‍්‍රබෝධයක් ඇති කළත් මේ විදිහට තිබුණු බෙදීම් හින්දා මහා දේශපාලන වෙනසක් උදා කරගන්න චීන ජනතාවට බැරි වුණා. ජනරජ විප්ලවයට නායකත්වය දීපු සුන් චුං-ෂන් (සුන් යත්-සෙන්* 1913 – 1916 කාලයේ දී ජපානයේ රැුඳිලා හිටියා. රට පුරා ම ජපන් විරෝධයක් මෝදු වෙච්ච කාලයක මේක සිද්දවීමත් විශේෂ කාරණයක්. රටේ සාමාන්‍ය ජනතාව මොනවා හිතුවත් ඉහළ පෙළේ අයට ජපානයත් එක්ක, බටහිරත් එක්ක සම්බන්ධකම් තිබුණා. ඉතින් 1914 ජුලි 8 වැනි දා සුන් යත්-සෙන් මුල් වෙලා චීන විප්ලවීය පක්‍ෂය පිහිටුවා ගත්තෙත් ජපානයේ ටෝකියෝ නුවර දී. ජපානය විසින් චීනයේ ýං-තා ඕ ප‍්‍රදේශය අල්ලගත්තෙත් 1914 අවුරුද්දේ බව අපි අමතක කරන්න හොඳ නෑ.
ඒ කොහොම වුණත් අලූත් අදහස් පිළිගත්ත අය තමන්ගේ නායකයා විදිහට පිළි ඇරගෙන හිටියේ සුන් යත්-සෙන්. ”සුන් මහත්තයා’’ කියන නමින් එතුමා රටේ ම ප‍්‍රසිද්ධ වුණා. 1917 වෙද්දි තමන් උපන් කුවං-තුං පළාතට ආපහු ආපු එතුමා ඒ ආශ‍්‍රිතව හිටිය යුද බලවත්තු එකතු කරගෙන ආණ්ඩුවක් හැදුවා. ඒත් ඒ ආණ්ඩුවත් වැඩි කල් පැවැතුනේ නෑ. දකුණු චීනයේ හිටිය යුද බලවතුන්ටටත් දේශපාලනඥයන්ටත් මහ ලොකු බලාපොරොත්තු තිබුණේ නෑ. ඉතින් ඒ අය අතර හිරකාරයෙක් වෙන්න සුන් මහත්තයාට සිද්ද වුණා. ඒ හින්දා 1918 මැයි මාසය වෙද්දි එතුමා ඒ ආණ්ඩුවේ නායකත්වය අත් හැරියා.
1911 විප්ලවයට නායකත්වය දීලා හරි හමන් ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරි වුනත් ”ජාතියේ පියා’’ කියන විරුද නාමය එතුමාට ලැබිලා තිබුණා. ඒ වගේම, 1906 දී ඔහු ඉදිරිපත් කරපු ”මූලධර්ම තුන’’ වෙනසක් බලාපොරොත්තු වෙච්ච උගතුන් සහ තරුණයන් අතර මන්තරයක් බවටත් පත්වෙලා තිබුණා. ජාතිකවාදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජනතා සුබසාධනය කියන කාරණා තුන ඒ මූලධර්ම තුනෙන් ආවරණය වුණා. ඔහු විසින් ඉදිරිපත් කරපු ඒ අරමුණු සාක්‍ෂාත් කර ගැනීමේ වුවමනාවත් සමාජගත වුණා.
1918 මැයි මාසයේ දී දකුණේ නායකත්වයෙන් ඉවත් වෙච්ච එතුමා නැවතුනේ ෂං-හයි නුවර. එතුමාට ඕන වෙලා තිබුණේ ස්ථාවර රටක් ඇති කරගැනීම සඳහා වැඩපිළිවෙළක් හදන්න. 1918 – 1920 කාලයේ දී ”රාජ්‍ය ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ’’ කියන නමින් සම්පාදනය කරපු ඒ සැලැස්ම හින්දා එතුමාට ලැබිච්ච ජාතික පිළිගැනීම තවදුරටත් තහවුරු වුණා.
කලින් කියපු විදිහට ”මැයි 4 ව්‍යාපාරය’’ ඇති වුණෙත්, සුන් යත්-සෙන් මැතිතුමාගේ මූලිකත්වයෙන් චීන ජාතික පක්‍ෂය (කු ඕ මින්-තං* පිහිටුවා ගත්තෙත් ඒ කාලයේ දී. මැයි 4 ව්‍යාපාරයට සහයෝගය දීමත් 1919 ඔක්තෝබර් 10 වැනි දා පක්‍ෂය පිහිටුවා ගැනීමත් හින්දා ඔහුගේ බලය තහවුරු වෙමින් තිබුණා. ඉතින් නැගෙනහිරට වෙන්න තියෙන ෆු-චියැන් පළාතේ සහ කුවං-තුං පළාතේ නැවතිලා හිටිය හමුදාවලට දකුණට යන්න කියලා 1920 අගෝස්තු මාසයේ දී නියෝග කරන්න ඔහුට පුළුවන් වුණා. ඒ මාර්ගයෙන් දකුණේ හිටිය යුද බලවත්තු පරද්දපු ඔහු ඒ අවුරුද්දේ නොවැම්බර් වෙද්දි කුවං-තුං පළාතට ගිහිල්ලා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.
තව තවත් ශක්තිමත් වෙලා උතුරට හමුදා මෙහෙයවලා රටම එකතු කිරීමේ වුවමනාව සුන් යත්-සෙන් ජනාධිපතිතුමාට තිබුණා. ඒත් මේ විදිහට චීනයේ දකුණු කොනේ හදාගත්ත ජාතිකවාදී ආණ්ඩුවට බටහිර රටවලින් පිළිගැනීමක් ලැබුණේ නෑ. මේ වාතාවරණය යටතේ බලය වර්ධනය කර ගැනීම සඳහා ඔහුට ඉතිරිවෙලා තිබුණේ එකම එක විකල්පයක් විතරයි. ඒ තමයි සෝවියට් දේශයත් එක්ක සබඳතා ඇති කර ගැනීමේ විකල්පය.
1917 වෙච්ච රුසියානු විප්ලවයත් මේ කාරණයට හේතු වෙලා තිබුණා. රුසියාව විසින් අල්ලා ගෙන හිටිය චීනයේ ඊසාන පැත්තේ බිම් ආපහු පවරාදීමේ අභිලාෂය 1918 අවුරුද්දේ ම ප‍්‍රකාශයට පත් කරන්න සෝවියට් දේශය කටයුතු කළා. ඒ වගේම, උතුරු චීනයේ තිබුණු පෙයි-යං ආණ්ඩුවත් එක්ක කතා කරලා පිටත මොංගෝලියානු ප‍්‍රශ්නය විසඳන්නත් සෝවියට් දේශයට ඕන වෙලා තිබුණා.
නැගෙනහිර ලෝකයේ බලවතා බවට පත්වෙන්න තමන්ට පුළුවන් වෙන්නේ චීනය තව තවත් දුර්වල කළොත් කියන කාරණය ජපානය දැනගෙන හිටියා. ඒ අරමුණ සාක්‍ෂාත් කරගන්න නම් සෝවියට් දේශය සහ චීනය අතර ගැටුමක් ඇති කරන්න ඕන. 1911 වෙන කල් ම, පිටත මොංගෝලියාව (දැන් මොංගෝලියාව කියලා හඳුන්වන රට* තිබුණේ චීනයේ කොටසක් විදිහට. 1912 පෙබරවාරි 12 වැනි දා අධිරාජයා මකරාසනය අත් ඇරපු ප‍්‍රකාශනයෙනුත් පිටත මොංගෝලියාව චීන ජනරජයට පවරලා තිබුණා. ඒත් ජනරජය ප‍්‍රකාශයට පත් කරලා ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න බැරි වෙච්ච හින්දා පිටත මොංගෝලියාව ස්වාධීන බල ප‍්‍රදේශයක් බවට පත් වුණා.
පිටත මොංගෝලියාව මේ විදිහට තමන්ට අහිමිවීම ගැන චීන මිනිස්සු හිටියේ කණස්සල්ලෙන්. මේ හරහා තමන්ට ඕන වැඬේ කරගන්න පුළුවන් බව ජපානය තේරුම් ඇරගෙන හිටියා. ඉතින් ජපානයේ උදව්වත් ලබා ගත්ත උතුරු චීනයේ පෙයි-යං ආණ්ඩුව 1919 ඔක්තෝබර් මාසය වෙද්දි පිටත මොංගෝලියාව තමන්ගේ පාලනයට නතු කර ගත්තා. මේ දැවැන්ත ”ජයග‍්‍රහණය’’ විසින් මුළු චීනයම උද්දාමයට පත් වුණා. දකුණු චීනයේ හිටිය සුන් යත්-සෙන් පවා මේ ජයග‍්‍රහණයට සුබ පැතුවා. ඒත් මේ ”මහා ජයග‍්‍රහණය’’ ලබා ගන්න උදව් කරපු ජපානය එක සැරේම ඒ වැඬේ අත් ඇරලා දැම්මා.
ඉතින් සෝවියට් උපකාර ලබපු මොංගෝලියානු නිදහස් අරගලයට මුහුණ දෙන්න සිද්ද වුණේ පෙයි-යං ආණ්ඩුවේ හමුදාවට. 1921 මාර්තු 18 වැනි දා වෙද්දි චීන හමුදා පිටත මොංගෝලියාවෙන් ඉවත් කරන්න සොවියට් රතු බල ඇණිවලටත් මොංගොලියානු ජනතා පක්‍ෂයේ හමුදාවලටත් පුළුවන් වුණා. අත් පත් කරගත්ත ”ජයග‍්‍රහණය’’ මේ තරම් ඉක්මනින් ”පරාජයක්’’ බවට පත්වෙන්න හේතු වුණේ ජපානයේ මග ඇරීම විතරක් නම් නෙවෙයි. මේ කාරණයට ප‍්‍රධාන වශයෙන් ම හේතු වුණේ ඒ වෙද්දි උතුරු චීනයේ ඇතිවෙලා තිබුණු බල බෙදීම.
ඒ ”ජයග‍්‍රහණය’’ හින්දා තමන්ගේ ආධිපත්‍යයට හානියක් සිද්ද වෙයි කියලා ඊසානදිග පළාත් තුනේ බලය තහවුරු කරගෙන හිටිය චං ත්සු ඕ-ලින් හිතුවා. ඔහු තවත් යුද බලවත්තු දෙන්නෙක් හවුල් කරගෙන පෙයි-යං ආණ්ඩුවට විරුද්ධව යුද්ධයක් පටන් ගත්තා. 1920 ජූලි 14 වැනි දා පටන් ගත්ත ඒ යුද්ධය දවස් දහයකින් ඉවර වුණා. ඒකට මුහුණ දෙන්න පිටත මොංගෝලියාවේ හිටිය හමුදා බල ඇණි විශාල ප‍්‍රමාණයක් ආපහු කැඳවපු හින්දා වෙච්ච දේ ගැන අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් ”මැයි 4 ව්‍යාපාරය’’ විසින් ශක්තිමත් විදිහට ප‍්‍රකාශ කරලා රට පුරාම පතුරවපු චීන ජාතිකවාදී අදහස්වලින් වැඩක් ගන්න බැරි තත්ත්වයක් රටේ ඇති වෙලා තියෙන බව නැවතත් තහවුරු වුණා.
ඒ කොහොම වුණත් පිටත මොංගෝලියාවේ දී චීනය මුහුණ දීපු ඉක්මන් ”පරාජය’’ ජපානය බලාපොරොත්තු වෙච්ච නැති එකක්. ඒ භූමිය මුල් කරගෙන චීනය සහ සෝවියට් දේශය අතර දීර්ඝ කාලීන යුද්ධයක් ඇති වුණේ නෑ. ඒ කාරණය හින්දා සෝවියට් ආණ්ඩුව අමනාප වුණේ උතුරේ පෙයි-චිං නගරය මුල් කරගත්ත පෙයි-යං ආණ්ඩුව එක්ක විතරයි. ඒ අයට ගනුදෙනු කරන්න පුළුවන් විකල්පයක් දකුණේ රජවෙලා හිටියා. ඒ තමයි සුන් යත්-සෙන්ගේ ආණ්ඩුව.
තමන්ගේ ආණ්ඩුවට අවශ්‍ය පිළිගැනීම බටහිර රටවලින් නො ලැබුණු හින්දා සුන් යත්-සෙන්ට ඕන වෙලා තිබුණෙත් සෝවියට් දේශයත් එක්ක සම්බන්ධකම් ඇති කරගන්න. ඉතින් ඒ සඳහා මාර්ගයකුත් පෑදුනා. 1923 ජනවාරි 26 වැනි දා සුන් යත්-සෙන් සහ ඇඩොල්ෆ් ජෝෆ් අතර ඇති කරගත්ත සුන් – ජෝෆ් ගිවිසුමෙන් ඒ ඇයි හොඳැයිය තහවුරු කරගත්තා. චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම් චීන කොමියුනිස්ට් පක්‍ෂය* ආරම්භ කරලා අවුරුදු එක හමාරක් ගත වෙන්න කලින් ඇති කරගත්ත මේ ගිවිසුම ඉතාමත් වැදගත් එකක්.
1917 විප්ලවයෙන් සෝවියට් දේශයේ ඇති වුණේ කොමියුනිස්ට් ආධිපත්‍යයක්. ඒත් ඒ කොමියුනිස්ට් ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කළේ චීන ජාතිකවාදී පක්‍ෂයත් (ඒ කියන්නේ කු ඕ මින්-තං* එක්ක. චීන පොදු නිෂ්පාදන පක්‍ෂය ඒ වෙද්දි ඉතාමත් ළදරු අවස්ථාවක පසුවීම මේ සඳහා බලපාපු කාරණයක් බව ඇත්ත. මේ සඳහා හේතු වෙච්ච තවත් කාරණා තියෙනවා.
ඇඩොල්ෆ් ජෝෆ් ඇතුළු නියෝජිත කණ්ඩායම පෙයි-චිං නගරයට ආවේ 1920 ඔක්තෝබර් 27 වැනි දා. ඒ වෙද්දිත් දකුණේ කු ඕ මින්-තං ආණ්ඩුව පිහිටුවලා තිබුණේ නෑ. දින කීපයක් ඇතුළත (නොවැම්බර් මාසයේම* අලූත් ආණ්ඩුව පිහිටුවන්න සුන් යත්-සෙන්ට පුළුවන් වුනා. ඒ ආණ්ඩුවට බටහිර රටවල්වල පිළිගැනීම නොලැබුණු හින්දා සුන් යත්-සෙන් සහ ලෙනින් අතර ගනුදෙනුවකුත් ඇති වෙලා තිබුණා.
ඒ වෙද්දි සෝවියට් දේශයේ ලෝක දේශපාලන කටයුතුවලට අදාළ තීරණ ගත්තේ කොමියුනිස්ට් ජාත්‍යන්තරය (තුන්වැනි ජාත්‍යන්තරය* විසින්. ඉතින් 1923 දී ඇති කර ගත්ත සෝවියට් – චීන ගනුදෙනුවට අදාළ තීරණයත් ඒ විදිහට ගත්ත එකක්. ඒ වෙනුවෙන් සෝවියට් දේශය පත් කරපු මිඛායෙල් බොරෝජින් කියන පුද්ගලයා සුන් යත්-සෙන්ගේ සහ කු ඕ මින්-තං ආණ්ඩුවේ ප‍්‍රධාන යුද සහ දේශපාලන උපදේශකයෙක් බවටත් පත්වුනා. ඒ වගේ ම, කු ඕ මින්-තං ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න කියන උපදේශය කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් අලූතින් පිහිටුවා ගෙන තිබුණු චීන පොදු නිෂ්පාදන පක්‍ෂයට ලබා දුන්නා. මා ඕ ත්ස-තුං ඇතුළු චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ බොහෝ දෙනෙක් චීන ජාතික පක්‍ෂයේ (කු ඕ මින්-තං* සාමාජිකයන් බවටත් පත්වුණා.
මේ කරුණු ගැන සාමාන්‍ය අවබෝධයක් නැතුව 1921 ජූලි 23 වැනි දා චීන පොදු නිෂ්පාදන පක්‍ෂය බිහි වූ විදිහ, ඒ වගේ පක්‍ෂයක් බිහි කිරීම සඳහා තිබුණු සමාජ ඉල්ලූම තේරුම් ගන්න අමාරුයි. ”මැයි 4 ව්‍යාපාරයට් විසින් දල්වපු බලාපොරොත්තු ඉටු නොවීම විසින් ඇති කරලා තිබුණු හිඩැස මේ සඳහා හේතු වෙච්ච බව අපිට දැන් පැහැදිලියි. ඒත් ඒ වෙද්දි සුන් යත්-සෙන්ගේ නායකත්වයෙන් දකුණු චීනයේ දී කු ඕ මින්-තං ආණ්ඩුව පිහිටුවීම නිසා ඒ හිඩැස යම් ආකාරයකට පිරෙමින් තිබුණු බවත් දැන් අපිට තේරෙනවා. එහෙම නම් තවත් දේශපාලන බලවේගයක් මොකට ද? අපි ලබන සතියේ මේ ගැන කතා කරමු.
–ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති-
-දිවයින-
