You are currently viewing මරණය පෙනි පෙනී නොබියව ‘තායිලන්ත රජුට’ එළිපිට අභියෝග කරන ශිෂ්‍යාව

මරණය පෙනි පෙනී නොබියව ‘තායිලන්ත රජුට’ එළිපිට අභියෝග කරන ශිෂ්‍යාව

මගේ අභ්‍යන්තරයේ බයක් හැංගිලා තිබුණා. මොන වගේ තත්වයකට මුහුණදෙන්න වේවිද කියල මහා බයක් තිබුණා,” පනසයා සිති ජිරා වත්තන කුල් (Panusaya Sithijirawattanakul) පවසන්නීය.

පසුගිය අගෝස්තු මාසයේ දිනක 21 හැවිරිදි ඇය, තායිලන්තයේ වේදිකාවකට නැග රටේ රජ පදවියට විවෘත අභියෝගයක් කළාය. තායිලන්තයේ මුල්පෙළේ සරසවියක දහස් ගණනක් සිසුන්ගේ ඔල්වරසන් හඬ මැද්දේ අදහස් දැක්වූ පනසයා සිති ජිරා වත්තන කුල්, කරුණු දහයකින් යුත් ප්‍රකාශනයක් කියවමින් රාජ්‍යත්වය සතු බලතල සහ වරප්‍රසාද සංශෝධනය කිරීමට කාලය පැමිණ ඇතැයි කියා සිටියාය.

එය අදහාගත නොහැකි පියවරක් විය. හේතුව රාජ්‍යත්වයට ආදරය කිරීම සහ ගෞරව කිරීම තායි වැසියන්ට උපතේ පටන්ම පුරුදු පුහුණු කරන්නක් බැවිනි. රාජ්‍යත්වයට එරෙහිව අදහස් පළකරනු ලැබීමෙන් බරපතල ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි සමාජය තුළ බියක් ද පවතී.

‘පැරණි ජීවිතය යළි නොලැබෙනු ඇත’

රාජ්‍යත්වයට අවමන්කරනු ලැබීම අපරාධයක් ලෙස සැලකෙන නීතිය බලපැවැත්වෙන අද ලෝකයේ සීමිත රටවල් කීපයට තායිලන්තයත් ඇතුළත් වෙයි. රටේ රජතුමාට, රැජිනට හෝ ඔටුන්න හිමි කුමරාට හෝ කුමරියට අවමන් කරනු ලැබීම සහ ඔවුන් විවේචනය කරනු ලැබීම අවුරුදු පහළොවක සිරදඬුමකට යටත්කරනු ලැබීමට තරම් බරපතල වරදක් බව තායිලන්ත අපරාධ නීති සංග්‍රහයේ දැක්වෙයි.

එහෙත් පසුගිය මාස කීපය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ව්‍යාපාරයේ උද්ඝෝෂණ තායිලන්තය පුරා පැතිරගිය අතර, පනසයා සිති ජිරා වත්තන කුල් වැනි ශිෂ්‍යයෝ එම ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටියහ.

“මම දැන සිටියා, මට ආයෙත් මගේ පැරණි ජීවිතය නොලැබෙන බව,” පනසයා සිති ජිරා වත්තන කුල්, BBC තායි සේවයට කියා සිටියාය.A protester holds a sign while doing a three-fingered salute during a demonstration to demand the release of activist leaders in Bangkok Thailand August 8 2020

මාස ගණනාවක් පෙරට යමින් පවතින ශිෂ්‍ය උද්ඝෝෂණ ව්‍යාපාරයේ සංකේතය ඇඟිලි තුනේ ආචාරයයි.

බැංකොක් අගනුවර දියත් කෙරුණ දුර්ලභ ගනයේ මහා විරෝධතා ව්‍යාපාරයක දී කියවනු ලැබීමට පැය කීපයකට පෙර පනසයා සිති ජිරා වත්තන කුල්ට ඉහත සඳහන් කරන ලද ප්‍රකාශනය පෙන්වා තිබුණි. රාජ්‍යත්වය මහජන ඡන්දයෙන් තේරී පත්වූ ආයතනවලට වගකිව යුතු අතර, රාජ්‍යත්වය නඩත්තු කිරීමට යොදවන වියදම් කප්පාදු කළයුතු බව සහ රාජ්‍යත්වය දේශපාලන අතපෙවීම්වලින් ඈත් කළ යුතු බව එම ප්‍රකාශනය මගින් කියා සිටියි.

“ඔවුන් ඒ ප්‍රකාශනය මට දුන්නා. මම කැමැතිනම්, ඒක කියවන්න කිව්වා. ඒ වෙලාවේ කාගේත් හැඟීම වුණේ, එහි ඇතුළත් කරුණු පුදුමතරම් ප්‍රබලයි කියන එකයි. මමත් හිතුවා ඒක ශක්තිමත් ප්‍රකාශනයක් කියල. මම තීරණය කෙරුවා- එය කියන පුද්ගලයා බවට පත්වෙන්න.”

“අපි කරන්න යන්නේ නිවරැදි දෙයක්දැයි අසමින් මම මගේ සහෝදර සිසුන් සමඟ අත්වැල් අල්ලාගත්තා,” පනසයා සිති ජිරා වත්තන කුල් පවසන්නීය.

“උත්තරය වුණේ “ඔව්!” කියන එක. ඉතින් මම වේදිකාවට නගින්න පෙර පොඩ්ඩක් වාඩිවෙලා සිගරට් එකක් ඉරුව. මගේ ඔලුවේ තිබුණ දේවල් ඔක්කෝම අයින්කර ගත්තා.”

වේදිකාවට ගොඩවූ ඇය මෙසේ කියා සිටියාය.

“හැම මිනිසෙකුගේම ඇඟේ දුවන්නේ රතු ලේ! අපි අතර වෙනසක් නැහැ!”

“මේ මිහිතලයේ කිසිම මිනිසෙක් නිල්පාට ලේ ඇතිව ඉපදිලා නැහැ. සමහරවිට ඇතැම් මිනිසුන් සෙසු අයට වඩා වාසනාව අරන් ඉපදිලා ඇති. ඒත් කිසිම කෙනෙක් අනිත් අයට වඩා ගෞරවාන්විත ආකාරයට ඉපදිලා නැහැ.”

පනසයා සිති ජිරා වත්තන කුල් ගේ එම කතාව මහත් කලබගෑනියකට හේතුවිය. එම අදහස් නිදහස් මතවාදීන්ගේ ප්‍රශංසාවට ලක්වෙන අතරවාරයේ රාජ්‍යත්වයට හිතෛෂී මාධ්‍ය ප්‍රකාශනයන්හි හෙලාදැකීමට ලක්විය.

‘සියරටට වෛරකිරීම අසනීපයකි’

ඉහත කී කතාවෙන් දින කීපයකට පසු ඉහළපෙලේ රාජකීය ක්‍රියාධරයන්ගේ ෆේස්බුක් පිටුවලින් පනසයා සිති ජිරා වත්තන කුල් ට එරෙහිව මහා හඬක් නැගුන අතර ඇතැමුන් ජනරජවාදී දේශපාලනනඥයන් විසින් ඇය ඔවුන්ගේ උවනාවන් සඳහා පාවිච්චිකරනු ලැබෙමින් ඇති බවට චෝදනා නගා තිබුණි. එහෙත් පනසයා සිති ජිරා වත්තන කුල් එකී චෝදනා බැහැර කරන්නීය.

තවමත් යුදහමුදා පාලනයක් පවතින රටක් වන තායිලන්තයේ බලසම්පන්න යුද ජනරාල්වරයකු වන ‘අපිරත් කොන්සොම්පොන්ග්’ (Apirat Kongsompong) ප්‍රකාශයක් කරමින්, විරෝධතාවාදීන් හඳුන්වා දෙන ලද්දේ ”රටට වෛර කරන්නවුන්” යන තේරුම දෙන “chung chart” යන යෙදුමෙනි. තවදුරටත් අදහස් දැක්වූ ජනරාල්වරයා ”සිදුවෙමින් පවතින විරෝධතා මතවාදය ”දැනට පැතිර යමින් පවතින වසංගතයටත් වඩා දරුණු” එකකැයි පවසා ඇත.

“තමාගේම රටට වෛරකරනු ලැබීම සුවකළ නොහැකි ව්‍යාධියකි,” ජනරාල්වරයා පවසයි.A person holds a picture of Thai King Maha Vajiralongkorn with Queen Suthida as members of Thai right-wing group Thai Pakdee Loyal Thai attend a rally in support of the government and the monarchy and in opposition to the recent anti-government protests in Bangkok Thailand August 30 2020
රාජපාක්ෂිකයන්ගෙන් විරෝධතාවාදීන්ට තරවටු එල්ල වෙයි

පනසයා සිති ජිරා වත්තන කුල් තවමත් කියා සිටින්නේ, තමා කුඩාවියේ පවා තායි සමාජ ජීවිතයේ රජ පවුලේ තත්වය පිළිබදව ප්‍රශ්න කරනු තම මතකයේ රැඳී ඇති බවය.

එක්තරා උෂ්ණාධික දිනයක නිලධාරියෙක් ”සිදුවිය හැකි රාජකීය රථ පෙළපාලියක් බලාපොරොත්තුවෙන්” පනසයාගේ පවුලේ සාමාජිකයන්ට සිය නිවසින් බැහැරව පදික වේදිකාවේ වාඩිවී සිටින ලෙස අණකර ඇත.

“ඇයි? අපි ගෙදර ඉස්සරහින් යන රථ පේලියක් බලන්න ඒ විධියට පැය භාගයක් විතර ගිනිගහන අව්වේ වාඩිවෙලා ඉන්නේ?සිද්ධවෙන්නේ මොකක්ද කියල මට අදහසක් නැහැ. රථ පේලිය දැකබලා ගැනීමට පාරට බැහැල හිටපු ජනතාව අතරට මම ගියේ නැහැ.”

සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් බාලයා පනසයා සිති ජිරා වත්තන කුල් වන්නීය. ඇය කුඩාවියේ පටන්ම දේශපාලනය කෙරෙහි උනන්දුවක් දක්වා ඇත. පාසලේ දී ඇයගේ ප්‍රීතිමත්ම කාලයක් වුණේ සිය සමීප මිතුරු මිතුරියන් සමඟ දේශපාලනය ගැන කතාබස් කරමින් කල් යැවෙන අවස්ථාවන්ය. 2014 ආණ්ඩුවිරෝධී කුමන්ත්‍රණ අවධියේ පනසයාගේ පියා සිය දියණිය තවත් දිරිගන්වනු ලැබ ඇත.Thai Prime Minister Prayut Chan-o-cha gestures during a press conference after a weekly cabinet meeting at the Government House in Bangkok Thailand 18 August 2020
අගමැති ප්‍රයුත් චාන්-ඔ-චා විරෝධතාවාදීන්ගේ ඉල්ලීම් බැහැර කරයි

එහෙත් ‘පනසයා’ වයසින් වැඩෙද්දී ලජ්ජාශීලී දැරියක් වූ අතර පාසලේ දී ඇය හිරිහැර ආදියට ගොදුරු වූවාය. පසුව, සිසුන් හුවමාරු කර ගැනීමේ ව්‍යාපෘතියක් යටතේ ඇමෙරිකාවට යාමේ අවස්ථාවක් ලද ඇය, ආපසු සියරට පැමිණෙන්නේ සහමුලින්ම වෙනත් තැනැත්තියක් වශයෙනි.

“මම ආපසු මගේ රටට ආවේ වෙනස් ‘පනසයා’ කෙනෙකු වෙලා. බය නැතිව කතාකරන්න, ක්‍රියාකරන්න පුළුවන් කෙනෙකු බවට පත්වෙලා.”

අනතුරුව, තායිලන්තයේ නමක් දිනූ විශ්ව විද්‍යාලයක් වන ‘තමාසාත්’ (Thammasat)සරසවියට ඇතුල්වූ ‘පනසයා’ දිනෙන් දින ක්‍රියාශීලී දේශපාලන චරිතයක් බවට පත්ව ඇත. මෙයින් වසර දෙකකට පෙර ඇය ශිෂ්‍ය සංගමයක් විසින් මෙහෙයවනු ලබන “Dome Revolution” නම් විප්ලවීය පක්ෂයට බැඳුණාය.

පසුගිය පෙබරවාරි මාසයේ ‘පනසයා’ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පළමු ප්‍රචණ්ඩ විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීමට සහාය වූවාය.

අනතුරුව, තායිලන්තයේ නමක් දිනූ විශ්ව විද්‍යාලයක් වන ‘තමාසාත්’ (Thammasat) සරසවියට ඇතුල්වූ ‘පනසයා’ දිනෙන් දින ක්‍රියාශීලී දේශපාලන චරිතයක් බවට පත්ව ඇත. මෙයින් වසර දෙකකට පෙර ඇය ශිෂ්‍ය සංගමයක් විසින් මෙහෙයවනු ලබන “Dome Revolution” නම් විප්ලවීය පක්ෂයට බැඳුණාය.

පසුගිය පෙබරවාරි මාසයේ ‘පනසයා’ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පළමු ප්‍රචණ්ඩ විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීමට සහාය වූවාය. ඉන් අනතුරු වසර කීපය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඬ නගන සිසුන් විසින් නායකත්වය දෙන ලද ව්‍යාපාරයට තායි සිසුන්ගේ හවුල්වීම සීඝ්‍රයෙන් වැඩිවන්නට විය.

එහෙත් එම ව්‍යාපාරය කෙරෙහි සිසුන් ආකර්ෂණයවීමට එකම හේතුව ඔවුන් ඉන්පෙර සහයෝගය දෙනලද දේශපාලන පක්ෂ අකර්මන්‍යවීම පමණක් නොවේ.

මහා වජිරලොංකොර්න්(King Maha Vajiralongkorn) රජතුමා 2016 වසරේදී සිහසුනට පත්විය. රජතුමා ඉතා කලාතුරකින් මහජනයාගේ ඇස ගැටෙන තැනැත්තකු වූ අතර වාර්තා මගින් කියැවුනේ ඔහු වැඩිවශයෙන් පිටරටවල ජීවත්වෙන බවය. විශේෂයෙන්ම Covid -19 වසංගතයට තායිලන්තය ගොදුරුවීමෙන් පසු රජතුමා රටින් පිටව ජීවත්වෙන බව එම වාර්තා මගින් කියැවුණි.Panusaya Sithijirawattanakul
රට වෙනුවෙන් රජපවුල ඉටුකරන කාර්යභාරය කුමක්දැයි ‘පනසයා’ ප්‍රශ්න කරන්නීය.

තායිලන්තය දූෂණ අපචාර බහුල රටක් බවත් පෙනීයයි. විවේචනයේ අයිතිය සහ අදහස් ප්‍රකාශනයේ නිදහස නංවාලන බව තායි ආණ්ඩුව පවසයි. එහෙත් ශිෂ්‍යයන් තමන් සති අයිතිවාසිකම් නීතියට අනුකූලව සහ ජාතික ආරක්ෂාවට නොවන මට්ටමින් භුක්තිවිඳිය යුතු බවත් ආණ්ඩුව කියා සිටියි.

මේ අතර තායි ශිෂ්‍යයෝ සිය ආරක්ෂාව සම්බන්ධයෙන් බිය පළකරති. 2014 කුමන්ත්‍රණයෙන් පසු යුද හමුදා පාලනයට එරෙහිවීමෙන් අනතුරුව අතුරුදහන් වූ ශිෂ්‍යයන්ගෙන් අඩුතරමින් නවදෙනෙක්වත් රටින් පළාගොස් ඇත. තවත් ශිෂ්‍යයන් දෙදෙනෙකුගේ මළසිරුරු ගං ඉවුරකින් හමුවී ඇත.

එකී අතුරුදහන්වීම් සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතිබව තායි ආණ්ඩුව තරයේ කියා සිටී. මෙහි ඉහත සඳහන් කරන ලද කතාවෙන් අනතුරුව තමා යන එන තැන් පිළිබඳව බලධාරීන් දිවාරාත්‍රි සෝදිසිකරමින් සිටින බව පනසයා සිති ජිරා වත්තන කුල් පවසයි.

“ඔවුන් සිවිල් ඇඳුමින් සිටියත් ඔවුන් සියලුදෙනා කොණ්ඩ කපල තියෙන ආකාරයෙන් මට කියන්න පුළුවන් ඔවුන් පොලිසියේ කණ්ඩායමක් බව. ඔවුන් මම ප්‍රසිද්ධ ස්ථානයකට ගියාම හැමතිස්සෙම මගේ පින්තූර ගන්නවා.”BBC News Thai
රාජ්‍යත්වය අභියෝගයට ලක්කෙරෙන ප්‍රකාශනය කියවීමෙන් පසු තමා අඩියක් පසුපසට නොයන බව පනසයා කියා සිටින්නීය

පනසයා සිති ජිරා වත්තන කුල් තවම අත්අඩංගුවට ගෙන නැත. තමා විසින්ම බලධාරීන්ට යටත්නොවන බව ඇය කියා සිටින්නීය.

රජතුමාට අවමන් කරනු ලැබීමේ නීතිය යටතේ ඇයට එරෙහිව තවමත් චෝදනා ගොණුකරනු ලැබ නැත. එහෙත් රාජද්‍රෝහීවීම සහ අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ තොරතුරු පතුරුවාහැරීම මෙන්ම, කොරෝනා සමයේ විරෝධතා ව්‍යාපාර පැවැත්වීම මගින් එම කාලයේ අනුගමනය කළයුතු රෙගුලාසි උල්ලංඝනය කරනු ලැබීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නඩු පැවරීමට ඉඩකඩ පවතී.

රාජද්‍රෝහීවීම යනු වසර හතක උපරිම සිර දඬුවමක් නියමකළ හැකි වරදකි. ”සීමාව ඉක්මවායාම” සම්බන්ධයෙන් උදහස ලබන වෙනත් සිසුන් මෙන්ම පනසයා සිති ජිරා වත්තන කුල් සිය නිවසේ දී ගැටුම්කාරී තත්වයන්ට මුහුණ දෙන්නීය. පනසයා සිති ජිරා වත්තන කුල්ගේ දේශපාලන තීන්දු මගින් උදහසට පත්වූවන් අතරට ඇයගේ මවත් ඇතුළත් වෙයි. විරෝධතා රැලි ආදියෙන් වලකින ලෙස මව සිය දියණියගෙන් අයැද සිටින්නීය.

පනසයා සිති ජිරා වත්තන කුල් ආන්දෝලනාත්මක කතාව පැවැත්වීමෙන් පසු දවස් පහක් යනතෙක් මව සහ දියණිය අතර කතාබහක් නොවුණි. “පැහැදිළිවම, මගේ අම්මා කනගාටුවෙන් ඉන්නේ. නමුත් අම්මා ඒබවක් පෙන්වන්නේ නැහැ. මම ළඟ ඉන්නකොට කිසිමදෙයක් සිද්ධවුණේ නැතිබවක් පෙන්වන්න උත්සාහ කරනවා. ඒත් අම්මා මගේ අක්කත් එක්ක ඉන්නකොට සමහර වෙලාවට කෑ ගහනවා ඇහෙනවා,” පනසයා සිති ජිරා වත්තන කුල් පවසන්නීය.

එහෙත් සිය දියණියට ගැළපෙන මාවතක ගමන් කිරීමට මවගෙන් අවසරය ලැබුණි. එහෙත් මව අනතුරු අඟවමින් සිය දියණියට කියා තිබෙන්නේ, රාජ්‍යත්වය ගැන සඳහන් කිරීමෙන් සහමුලින්ම වැළකිය යුතු බවය.

එවැනි පරිසරයක් තුළ සැප්තැම්බර් 19 දින විරෝධතා රැලියකට සූදානම්වෙමින් සිටින පනසයා සිති ජිරා වත්තන කුල් සිරගතවීමට සිදුවුනොත් ඒ සඳහා මනස හැඩගසා ගනිමින් සිටින්නීය.රාජ්‍යත්වයට අදාළ ප්‍රතිසංස්කරණවල පටන් යුදහමුදා පාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතට පත්කරනු ලැබීම සහ රටේ අධ්‍යාපනය තෙක් විහිද යන ප්‍රතිසංස්කරණ මාලාවක් එම රැලිය මගින් ඉල්ලා සිටිනු ඇත.

“අපි මේවා කරන්නේ විනෝදයට නොවන බව මගේ අම්මා තේරුම්ගත යුතුයි කියල මම හිතනවා. මේක ඉතාම බරපතල තත්වයක්. අපට එය කරන්න වෙලා තියෙනව.අපි හිතන්නේ මෙය අපි ඉටුකළ යුතු කාර්යයක් කියලයි. අම්මත් එය තේරුම් ගන්න ඕන. මට මගේ අම්මා ආඩම්බර ගැහැනියක් බවට පත්කරන්න ඕන.”

-බීබීසී සංදේශය ඇසුරින්-

Leave a Reply