You are currently viewing ක්ලබ් වසන්තගේ ඝාතනය සහ ලංකාවේ අපරාධ නිවාරණය..!

ක්ලබ් වසන්තගේ ඝාතනය සහ ලංකාවේ අපරාධ නිවාරණය..!

-කේ. සංජීව-

අතුරුගිරිය, ඔරුවල මාර්ගය ආරම්භක ප්‍රදේශයේ පසුගිය ජුලි 8 වැනිදා චිකාගෝ පන්නයේ වෙඩිතැබීමක් සිදුවූ අතර එහිදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙක් ඝාතනයට ලක්විය. ‘ක්ලබ් වසන්ත’ යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන මෙම පුද්ගලයා ව්‍යාපාරිකයෙක් ය. ඔහු මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්වුණේ පච්චා කෙටීමේ ස්ථානයක් ඇරඹීමේ උත්සව අවස්ථාවකට සහභාගී වී සිටින අතරතුර දීය. මෙහිදී ඔහුගේ බිරිඳ ද බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ අතර මේවනවිට කළුබෝවිල රෝහලට මාරුකර යවා ඇති ඇයගේ තත්ත්වය බරපතළ බවින් මිදී ඇතැයි දැනගන්නට ලැබෙයි. මෙම වෙඩි ප්‍රහාරය නිසා පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් හතර දෙනෙකුට තුවාල සිදුවූ අතර තුවාල සිදුවූ පිරිස අතර ප්‍රසිද්ධ ගායිකාවක වන කේ. සුජීවා මහත්මියද සිටින්නීය. ඇය මේවනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

මෙම ඝාතනය සිදුවී සුළු මොහතකින් ඊට අදාළ සීසීටිවී දර්ශනය සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නට විය. එම දර්ශනයන් වලට අනුව සුදු පැහැති මෝටර් රථයකින් පැමිණෙන වෙඩික්කරුවන් දෙදෙනා පළමු මහලේ මෙම ටැටූ සැලෝනය වෙත පැමිණ ප්‍රධාන දොරටුවෙන් එබී, වෙඩි ව‍ර්ෂාවක් ඉලක්කය වෙත එල්ලකර පැන යයි. එහිදී එක් වෙඩික්කරුවෙක් දෙවියන්ට තබනු ලැබූ කෙසෙල් ඇවරියකින් ගෙඩියක් කඩාගන්නට අමතක කරන්නේ ද නැත. එයින් පෙනෙන්නේ වෙඩික්කරුවන් කිසිදු චකිතයකින් තොරව තම ඉලක්කය සපුරාගත් බවය.

වෙඩි ප්‍රහාරයෙන් පසුව සුදු පැහැති මෝටර් රථයෙන් පලායන වෙඩික්කරුවන් එම කාර් රථය කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී අත්හැර සුදු පැහැති වෑන් රථයකින් පැනගොස් ඇත. එම වෑන් රථයද බුලත්සිංහල ප්‍රදේශයේදී අතහැර දමා තිබියදී පොලීසියට හමුව ඇත. මේ අතර මෙම වෙඩි තැබීම සඳහා යොදා ගත් වෙඩි උණ්ඩවල කේපීඅයි යන ඉංග්‍රීසි අකුරු තුනක සලකුණු යොදා තිබීම ගැන ද පොලිසියේ අවදානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද ප්‍රකාශ කරයි.

පොලිස් මාධ්‍ය සංදර්ශනය

මෙම ඝාතනයේ පොලිස් පරීක්ෂණ වල මූලික අවස්ථාවේදීම පොලීසිය විසින් එම ටැටූ සැලෝනයේ හිමිකරු අත්අඩංගුවට ගන්නට කටයුතු කළ අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍ය ඉදිරියේ සංදර්ශනයක් පරිදි සිදුකිරීම බොහෝ දෙනෙකුගේ කතාබහට හේතුවී ඇත. පොලීසියට සැකකරුවන් මෙසේ මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කළ හැකිද? පොලිස් ප්‍රශ්න කිරීම මාධ්‍ය ඉදිරියේ කළ හැකිද? මෙහිදී පොලිස් ප්‍රධානීන් තම රාජකාරිය තමන්ට හිමි බලයෙන් එහාට ගොස් සිදුකර ඇත. මෙම සිද්ධියට මුල්වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වීම පොලිස්පතිවරයාගේ මෙන්ම පොලිස් කොමිසමේ වගකීමක් ය. පොලීසිය මෙසේ හැසිරෙන විට මාධ්‍යද තමන්ගේ වෘත්තීය සදාචාර සීමාවෙන් ඔබ්බට ගොස් කටයුතු කරමින් එම පොලිස් මාධ්‍ය සංදර්ශනයට පුලුල් ප්‍රචාරයක් ලබාදී ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජුලි 10 වැනිදා නියෝග කර තිබෙන අතර ඒ අනුව සැකකරුවන් එලබෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ඇත. මෙම නියෝග ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා පොලීසියේ ඉහත හැසිරීම විවේචනය කර ඇති බව දැනගන්නට ලැබෙයි. මෙහිදී පොලීසිය රැඳවුම් නියෝග ඉල්ලා සිටියත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේක කර ඇත.

කේපීඅයි

මේ කේපීඅයි යනු කංජිපානි ඉම්බ්‍රාන් යන නම සලකුණු කිරීමට යෙදූවක් බව දැනගන්නට ලැබෙයි. පොලීසිය ද ප්‍රකාශ කරන්නේ මෙම ඝාතනය විදේශයක සිට මෙහෙයවන්නට ඇති බවය. ඒ අතර ජූලි 9 දිවයින පුවත්පත මෙම සිදුවීම පිළිබඳව වාර්තා කරමින් ප්‍රකාශ කරන්නේ ටැටූ ආයතනයේ හිමිකරු ගේ ප්‍රකාශය අනුව  ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුව  සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය කර ඇති බවය. මෙම ටැටූ සැලෝනය විවෘත කිරීමේ උත්සවයට ක්ලබ් වසන්ත කැඳවා ගැනීම වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට මෙම ටැටූ සැලෝනයේ හිමිකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ දහයක මුදලක් බැරවී ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලීසිය ප්‍රකාශ කරන්නේ මෙය කංජිපානි ඉම්රාන්ගේ වැඩක් ද යන්න සැක බවය. ඒ අනුවද විමර්ෂන ඉදිරියට සිදුවෙන බව පොලීසිය ප්‍රකාශ කරයි.  එහිදී පොලීසියේ මතය වන්නේ දැනට ප්‍රංශයේ ජීවත්වෙන කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ ජීවත්වෙන තම සහායකයන් හරහා මේ ඝාතනය කරවන්නට ඇති බවය. එහි ඇත්ත නැත්ත ඉදිරි පරීක්ෂණ වලදී අනාවරණය වෙනු ඇත. එහෙත් මෙහිදී එක් කරුණක් අවධාරණයට ලක්කළ යුතුය. මෙම ඝාතනයට සැක යැයි කියන කංජිපානි ඉම්රාන් පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොලීසියේ අත්අඩංගුවේ සිටි පුද්ගලයෙක් බව සහ ඇපමත සිටි පුද්ගලයෙක් බව කිවයුතුය. සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බවට රාජ්‍යය සැකකරන සැකකරුවෙක් මෙසේ ප්‍රංශයෙන් මතුවෙන්නේ කෙසේද? එය විමසිය යුතු තත්ත්වයක් ය.

කංජිපානි පැනගියේ කෙසේද?

කංජිපානි ඉම්රාන් 2019 වසර මුලදී ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ මාකඳුරේ මධූෂ් සමග සිටිය දීය. එම අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඩුබායි බලධාරීන් මාකඳුරේ මධූෂ් සහ පිරිස ලංකාවට පිටුවහල් කළ අතර ඉන්පසුව ඔවුන් ශ්‍රී ලංකා පොලීසියේ අත්අඩංගුවට පත්විය. ඒ අනුව කොළඹ අපරාධ අංශය භාරයේ සිටියදී මාකඳුරේ මධුෂ් ඝාතනයට ලක්වෙන අතර රැඳවුම් නියෝග මත සිටි කංජිපානි ඉම්රාන් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට කටයුතු කරයි. පසුව ඔහුට ඇප ලබාදීමට අධිකරණය ක්‍රියා කරයි.

ඒ අනුව කංජිපානි ඉම්රාන් හට 2022 දෙසැම්බර් 20 වැනිදා ඇප ලැබෙන අතර ඉන්පසුව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කරන්නේ 2022 දෙසැම්බර් 25 වෙනි දින කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත පැමිණ ඇති බවය. ඒ අනුව ඔහු ඉන්දියාවේ රාමනාතපුරම් ප්‍රදේශයට ගොස් ඇති බවත් එම පුවත්පත කරුණු වාර්තා කර ඇත. මෙසේ ලංකාවෙන් පළාගිය කංජිපානි ඉම්රාන් පසුව මතුවන්නේ ප්‍රංශයෙන් ය. මේ සියල්ල සිදුවූ පසුව අනාවරණය වන්නේ ඇප ලැබුණු දාම කංජිපානි ඉම්රාන් මන්නාරම ප්‍රදේශයට ගොස් ඒ හරහා ඉන්දියාවට පැනගෙන ඇති බවය.

මෙහිදී පැනෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ලංකාවේ බුද්ධි අංශ මෙන්ම, විශේෂයෙන් නාවික හමුදා බුද්ධි අංශය මන්නාරම ප්‍රදේශයේ සක්‍රීය තත්ත්වය තුළ මෙසේ ප්‍රබල සැකකරුවෙක් පැන යන්නේ කෙසේද යන්නයි. මෙවැනි සංවිධානාත්මක අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගත් පසුව පොලීසිය කරන්නේ ඔවුන් ආයුධ පෙන්වන්න රැගෙන යාමය. එහිදී බොහෝ අපරාධකරුවන් සැකකරුවන් සේ සිටියදී පොලිස් වෙඩි පහරින් මරණයට පත් වෙයි. අපරාධ නිවාරණය සඳහා එයට එහා ගිය වැඩපිළිවෙලක් ලංකාවේ පොලීසිය සතුව නැත.

අපරාධ මර්දනය කරන්නේ කෙසේද?

සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට ගත් පසුව ඔහුගෙන් ඔහුගේ ජාලය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම මෙන්ම, ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ද ලංකාවේ දී සිදුවන්නේ අපරාධ සංස්කෘතිය තවදුරටත් පෝෂණය කිරීම උදෙසා මිසක් අපරාධ හරණය සඳහා නොවෙන බව කිවයුතුය. සංවිධානාත්මක අපරාධකරුවෙක්ට අධිකරණය ඇප ලබාදුන්නත් ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවල ඔහු සිටින්නේ නිරන්තර පොලිස් විමසිල්ල යටතේ ය. ඔහු යනෙන තැන් පිළිබඳව පොලීසිය දැනුවත් ය. එහෙත් ලංකාවේ එහෙම තත්ත්වයක් නැත. එනිසා මෙවැනි අපරාධයන් තවදුරටත් සිදුවෙමින් තිබෙයි.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව හෝ සංවිධානාත්මක අපරාධ මර්දනය පිළිබඳව හෝ අප රටට නිසි ජාතික වැඩපිළිවෙලක් නැත. ඇත්තේ ආණ්ඩු මාරුවෙන විට වෙනස් වෙන සංදර්ශනයන් පමණි. එවැනි තත්ත්වයක් තුළ චිකාගෝ පන්නයේ ඝාතනයන් සිදුවීම තවදුරටත් සිදුවෙනු ඇත. කප්පන් ගැනීම, කුලියට මිනිසුන් මැරීම, මත්ද්‍රව්‍ය ජාවාරම වැනි දේවල් මෙම තත්ත්වය තුළ තව තවත් සිදුවෙනු විනා ඒවා අඩු නොවෙනු ඇත. ක්ලබ් වසන්තගේ ඝාතනය, කියන කතාව එයයි.

මෙම ඝාතනයෙන් පසුව පොලීසිය හැසිරී තිබෙන ආකාරය දෙස බලන විටද පෙනෙන්නේ පොලීසිය අඳුරේ අතපත ගාන බවය. පොලීසිය කරන මාධ්‍ය සංදර්ශන දෙස බලන බුද්ධිමත් පුරවැසියන් පොලීසිය පිළිබඳවද සැක උපදවාගනී. රාජ්‍යයක අපරාධ හරණ ක්‍රියාවලියට එය හොඳ තත්ත්වයක් නොවෙන බව කිවයුතුය. මෙම ඝාතනයේ වෙඩික්කරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් මන්නාරම ප්‍රදේශයෙන් රට අතහැර ඉන්දියාවට පළායෑම වැළැක්වීම වෙනුවෙන් බුද්ධි අංශ සීරුවෙන් තබා ඇති බවත් පොලීසිය ප්‍රකාශ කරයි. එහෙත් පොලීසිය අපරාධ නිවාරණ විෂයේ හැසිරෙන මේ ස්වරූපය නිසා ජනතාව එම කතා විශ්වාස කරන්නට සූදානම් නැත. එනිසා පොලීසිය ජනතා විශ්වාසය රැකෙන ආකාරයට සිය විමර්ශනයන් සිදු කිරීමට වගබලා ගත යුතුය.

එනිසා මහපාරේ මහදහවල මෙසේ වෙඩි තබා මිනිසුන් එළව යැවීමේ සංස්කෘතිය වෙනස් කරන්නට අවශ්‍ය නම් මුලින්ම අප කළ යුතු වන්නේ නීතියේ පාලනය රාජ්‍යය තුළ නැවත ස්ථාපනය කිරීමයි. පොලීසියට නීතිගරුකව ස්වාධීනව කටයුතු කරන්නට ඉඩ සැලසීමයි. වැඩි වැටුප් මතින් පොලීසියේ දූෂණයන් සහ වංචාවන් දුරැලීමයි. අනෙක් පැත්තෙන් අප බන්ධනාගාර තුළ පවතින පරිසරයද වෙනසකට භාජනය කළ යුතුය. අපරාධකරුවන් පුනරුත්ථාපනය කර සමාජයට මුදාහැරීමේ වගකීම බන්ධනාගාරය සතු වුණත් අද ලංකාවේ බන්ධනාගාර පරිසරය තුළ සිදුවන්නේද අපරාධ වර්ධනය සඳහා උපකාරය සහ අනුග්‍රහය ලබාදීමය. එනිසා මේ සියල්ලම නිවැරදි විය යුතුය. එය එසේ නොකට අපරාධකරුවන් ආයුධ පෙන්වන්නට රැගෙන යාමෙන් මෙවැනි අපරාධ අඩු නොවෙනු ඇත.

මෙම ඝාතනය සිදුවී සුළු මොහතකින් ඊට අදාළ සීසීටිවී දර්ශනය සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නට විය. එම දර්ශනයන් වලට අනුව සුදු පැහැති මෝටර් රථයකින් පැමිණෙන වෙඩික්කරුවන් දෙදෙනා පළමු මහලේ මෙම ටැටූ සැලෝනය වෙත පැමිණ ප්‍රධාන දොරටුවෙන් එබී, වෙඩි ව‍ර්ෂාවක් ඉලක්කය වෙත එල්ලකර පැන යයි.

වෙඩි ප්‍රහාරයෙන් පසුව සුදු පැහැති මෝටර් රථයෙන් පලායන වෙඩික්කරුවන් එම කාර් රථය කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී අත්හැර සුදු පැහැති වෑන් රථයකින් පැනගොස් ඇත. එම වෑන් රථයද බුලත්සිංහල ප්‍රදේශයේදී අතහැර දමා තිබියදී පොලීසියට හමුව ඇත. මේ අතර මෙම වෙඩි තැබීම සඳහා යොදා ගත් වෙඩි උණ්ඩවල KPI යන ඉංග්‍රීසි අකුරු තුනක සලකුණු යොදා තිබීම ගැන ද පොලිසියේ අවදානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද ප්‍රකාශ කරයි.

පොලිස් මාධ්‍ය සංදර්ශනය

මෙම ඝාතනයේ පොලිස් පරීක්ෂණ වල මූලික අවස්ථාවේදීම පොලීසිය විසින් එම ටැටූ සැලෝනයේ හිමිකරු අත්අඩංගුවට ගන්නට කටයුතු කළ අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍ය ඉදිරියේ සංදර්ශනයක් පරිදි සිදුකිරීම බොහෝ දෙනෙකුගේ කතාබහට හේතුවී ඇත. පොලීසියට සැකකරුවන් මෙසේ මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කළ හැකිද? පොලිස් ප්‍රශ්න කිරීම මාධ්‍ය ඉදිරියේ කළ හැකිද? මෙහිදී පොලිස් ප්‍රධානීන් තම රාජකාරිය තමන්ට හිමි බලයෙන් එහාට ගොස් සිදුකර ඇත. මෙම සිද්ධියට මුල්වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වීම පොලිස්පතිවරයාගේ මෙන්ම පොලිස් කොමිසමේ වගකීමක් ය. පොලීසිය මෙසේ හැසිරෙන විට මාධ්‍යද තමන්ගේ වෘත්තීය සදාචාර සීමාවෙන් ඔබ්බට ගොස් කටයුතු කරමින් එම පොලිස් මාධ්‍ය සංදර්ශනයට පුලුල් ප්‍රචාරයක් ලබාදී ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජුලි 10 වැනිදා නියෝග කර තිබෙන අතර ඒ අනුව සැකකරුවන් එලබෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ඇත. මෙම නියෝග ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා පොලීසියේ ඉහත හැසිරීම විවේචනය කර ඇති බව දැනගන්නට ලැබෙයි. මෙහිදී පොලීසිය රැඳවුම් නියෝග ඉල්ලා සිටියත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේක කර ඇත.

KPI

මේ KPI යනු කංජිපානි ඉම්බ්‍රාන් යන නම සලකුණු කිරීමට යෙදූවක් බව දැනගන්නට ලැබෙයි. පොලීසිය ද ප්‍රකාශ කරන්නේ මෙම ඝාතනය විදේශයක සිට මෙහෙයවන්නට ඇති බවය. ඒ අතර ජූලි 9 දිවයින පුවත්පත මෙම සිදුවීම පිළිබඳව වාර්තා කරමින් ප්‍රකාශ කරන්නේ ටැටූ ආයතනයේ හිමිකරු ගේ ප්‍රකාශය අනුව  ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුව  සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය කර ඇති බවය. මෙම ටැටූ සැලෝනය විවෘත කිරීමේ උත්සවයට ක්ලබ් වසන්ත කැඳවා ගැනීම වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට මෙම ටැටූ සැලෝනයේ හිමිකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ දහයක මුදලක් බැරවී ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.