IMG-LOGO
Home News 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය පිළිබඳ සංක්ෂිප්ත සටහන

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය පිළිබඳ සංක්ෂිප්ත සටහන

by Editor - Date : 2020-Sep-03
IMG
විධායක බලතල සීමා කරන වගන්ති (ජනාධිපති බලතල)

1. 30(2) - ජනාධිපතිවරයාගේ ධූර කාලය පස්වසරකට අඩුකිරීම
2. 31(2) හා 92-දෙවරක් තේරී පත්වු ජනාධිපතිවරයකුට නැවත වරක් 
        ජනාධිපතිවරනයකට තරඟකල නොහැකිබව
3. 33(1) ජනාධිපතිවරයා සතු නව බලතල (මහජන ආරක්ෂාවට අදාල නීති 
        පැනවීම, නිදහස් මැතිවරණ පැවැත්විම හා ජාතික සමගිය ඇතුලු)
4. 35 ජනාධිපති සතුව තිබු අසිමිත මුක්තිය සීමා කිරීම හා පුරවැසියකුට 
        ජනාධිපතිගේ ක්‍රියාවක් හේතුවෙන් තම මානව හිමිකම් උල්ලංඝණයකදී 
        නීතිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ අයිතිය
5. 42 ආන්ඩුවේ පාලනය අමාත්‍ය මණ්ඩලය හරහා සිදුවන බව, ජනාධිපතිවරයා 
        ඇමති මණ්ඩලයේ සාමාජිකයෙක් හා එහි ප්‍රධානියා වන බව, පාර්ලිමේන්තුවේ 
        උපරිම විශ්වාසය දිනාගන්නා මන්ත්‍රීවරයා ජනාධිපති විසින් අගමැති ලෙස 
        පත්කරන බව
6. 43(1) ජනාධිපතිට අමාත්‍යංශ සංඛ්‍යාව විෂය හා කාර්ය පථය නිශ්චය කිරීමේ 
        බලතල පවතින බව 
7. 43(2) ඇමති මණ්ඩලය ඇමතිවරුන් පත්කිරීම හා ඉවත් කිරීම අගමැතිවරයා 
        සතු බලතලයක් බව
8. 43(3) අමාත්‍ය මණ්ඩලයේ විෂය හා කාර්ය වෙනස් කිරීමේ බලතල ජනාධිපති 
        සතු වුවත් අමාත්‍යවරයකු ඉවත් කිරීමේ බලතල ජනාධිපති සතු නොවන බව
9. 44 රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරිමේ දීද ඉහත 43 වගන්තියේ දැක්වෙන 
        ආකාරයට අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අතර බලය බෙදී ඇති බව හා එම 
        බලයෙන් වැඩි කොටස අගමැති සතු බව
10. 45 නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරිමේ දීද ඉහත 43 වගන්තියේ දැක්වෙන 
        ආකාරයට අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අතර බලය බෙදී ඇති බව හා එම 
        බලයෙන් වැඩි කොටස අගමැති සතු බව
11. 50 අමාත්‍ය මණ්ඩල ලේකම් ජනාධිපති පත් කරයි.
12. 51- අග්‍රාමාත්‍ය ලේකම් ජනාධිපතිවරයා පත් කරයි
13. 52- අමාත්‍යංශ ලේකම්වරු ජනාධිපතිවරයා පත් කරයි

තුලන හා සංවරනය ඇති කරන වගන්ති

1.    41 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම හා එහි සංයුතිය

2.    41ඇ ජනාධිපතිවරයා උපලේඛනයේ දැක්වෙන කොමිශන් සභා 09 හා උපලේඛනයේ I හා II කොටසේ දැක්වෙන රාජ්‍ය         තනතුරු වලට පුද්ගලයන් පත්කල යුත්තේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව බව

3.     54 සිට 61 දක්වා - රාජ්‍ය සේවා කොමිසමට අදාල ප්‍රතිපාදන

4.     61ඉ -යුධ, ගුවන් හා නාවුක හමුදා පතිවරුන්ද නීතිපතිවරයාද  ව්‍යවස්දායක සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති                පත්කරනු ඇත

5.     61- පාර්ලිමේන්තුවේ ආයු කාලය පස් අවුරුද්දක් බව

6.     61- පාර්ලිමේන්තුවේ මහ ලේකම් ව්‍යවස්ථා සභාවේ සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති පත්කරනු ඇත

7.     70- පාර්ලිමේන්තුව විසුරුවා හරීමේ බලය ජනාධිපතිට ලැබෙන්නේ වසර හතර හමාරක් ගතවු පසුවය

8.     78(1) -පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට දවස් 7 පෙර ගැසට් කල යුතුය. හදිසි පනත්            ලෙස සම්මත කරගැනීමක් කල නොහැක

9.     103- මැතිවරන කොමිශන් සභාව

10.   104- මැතිවරන කොමිශන් සභාවේ බලතල හා මැතිවරන කොමසාරිස් ජනරාල් වරයකු පත් කිරීම

11. 107- අගවිනිසුරු ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ද අභියාචනාධිකරනයේ සභාපති හා අභියාචනාධිකරනයේ              විනිසුරුවරුන්ද  ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා පත් කිරීම

12. 111- අධිකරන සේවා කොමිශන් සභාව පත් කිරීම හා සංයුතිය

13. 153- විගණකාධිපති පත්කිරීම

14. 153අ- විගණන සේවා කොමිසම පිහිටුවීම සංයුතිය හා බලතල

15. 155අ- ජාතික පොලිස් කොමිසම හා එහි සංයුතිය හා බලතල

16. 156(2) -පරිපාලන කටයුතු  පිලිබඳව පාර්ලිමේන්තු කොමසාරිස්වරයකු (ඔම්බුඩ්ස්මන්) පත් කිරීම හා බලතල

17. 156අ- අල්ලස් හෝ දූෂණ කොමිසම පිහිටුවීම එහි සංයුතිය හා බලතල

18. 156ආ- ජාතික ප්‍රසම්පාදන කොමිශන් සභාව පිහිටුවීම සංයුතිය හා බලතල

19. 47- රජයේ නිලධාරීන් ගණයට ජනාධිපති, අගමැති, කතානායක අමාත්‍යවරු , පා.ම වරු කොමිෂන් සභා සාමාජිකයන්            විගණකාධිපති ඇතුලත් නොවන බව


මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්කරන වගන්ති
1. 14 අ- තොරතුරු වෙත ප්‍රවේශ අයිතිවාසිකම


අගමැති හා කැබිනට් මණ්ඩලයේ බලතල වැඩිකරන වගන්ති

1. 43(2) ඇමති මණ්ඩලයට ඇමතිවරුන් පත්කිරීම හා ඉවත් කිරීම අගමැතිවරයා 

        සතු බලතලයක් බව

2. 46 අමාත්‍ය මණ්ඩලයේ මුලු සීමාව 30 ක් සහ කැබිනට් නොවන රාජ්‍ය හා 

        නියෝජ්‍ය ඇමති සංඛ්‍යාව 40 නොඉකමවිය නොයුතු බව

3. 47 පාර්ලිමේන්තුව විසුරුවා හැරි විටක පවා අමාත්‍ය මණ්ඩලය බලාත්මක බව


වෙනත් වගන්ති

1. 46(4) ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ ප්‍රතිපාදන සහ එවැනි විටකදී අමාත්‍ය 
        මණ්ඩලයේ සංඛ්‍යාව ඉහල දැමිය හැකි බව
2. 48(1) ඊලඟ මැතිවරනයට පෙර අමාත්‍ය මන්ඩලය විසිරීමට අදාල ප්‍රතිපාදන
3. 92- ජනාධිපති අපේක්ෂකයකුගේ අවම වයස 35 කි
4. 49- අන්තර්කාලීන විධිවිධාන
5. 50 හා 51 මතද මුල් ව්යවස්තාවේ 44(2) පූර්ණ සංශෝධනය මත- 
        ජනාධිපතිවරයාට අමාත්‍ය මණ්ඩලය විෂයක් දැරිය නොහැකි බවට ඇති 
        අනුමිතිය
6. 91(1)X- පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට ඇති නොසුදුසු කමක් 
        ලෙස ද්විත්ව පුරවැසි භාවය
Tags: