IMG-LOGO
Home News 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනතාවට ඇත්තේ මිශ්‍ර මතයක්
OTI

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනතාවට ඇත්තේ මිශ්‍ර මතයක්

Date : 2020-Aug-27
IMG

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දරණ මතය දැනගැනීම පිණිස One Test Initiative ආයතනය විසින් කරන ලද සමීක්ෂණයක දී හෙළි වී ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව මිශ්‍ර මතයක් දරන බවයි.

2015 වර්ෂයේ දී බලයට පත්වූ රජය විධායක ජනාධිපති ධූරයේ බලතල කප්පාදු කර පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බවට පොරොන්දු වූ සන්දර්භයක් තුළ වුව ද වසර පහකට පසු ඔවුහු එවැනි මතයක් දරයි. විධායක ජනාධිපතිධූරය හඳුන්වාදුන් 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජීවත්වන පුද්ගයන්ගේ වසර 42ක අත්දැකීම් තුළින් මෙම ප්‍රකාශ තේරුම් ගත යුතුය.

දළ විශ්ලේෂණයක දී ජනතාව සමස්ථයක් ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිගන්නේ ‍හෝ ප්‍රතික්ෂේප නොකරන බව පැහැදිලිය. ඒ වෙනුවට එහි විවිධ කරුණු පිළිබඳ වඩාත් සූක්ෂමව දකියි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනතාවට ප්‍රායෝගික මතයක් පවතින බව ද මෙහි දී නිරීක්ෂණය විය.

ජනාධිපති බලතල සම්බන්ධයෙන් ගත් විට ජනාධිපතිවරයා අමාත්‍යධූරය දැරීමට පක්ෂව සිටි අතර ජනාධිපතිධූර කාලය දෙවරකට පමණක් සීමා වීම පිළිබඳ ජනතාවගේ කැමැත්තක් තිබිණි. එමෙන් ම හදිසි අවස්ථා ප්‍රකාශ කිරීම වැනි ඇතැම් ජනාධිපති බලතල පාර්ලිමේන්තු අනුමැතියට යටත් කිරීමට කැමැත්තක් දැක්වීය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එක් ප්‍රධාන අංගයක් වූයේ ස්වාධීන කොමිෂන් සභාය. කෙසේ වෙතත් ඒ පිළිබඳ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වූ පුද්ගලියන් ඒ සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටිති. කෙසේ වෙතත් ප්‍රශ්නාවලියේ දී එවැනි අතෘප්තිකර තත්ත්වයක් ඇතිවීමට හේතු දක්වා නැත.

ඔවුන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවිධ මත දරයි. ඇතැම් විධායක බලතල අග්‍රාමාත්‍යවරයා සමග බෙදා ගැනීම වැනි කරුණු කෙරෙහි වැඩි කැමැත්තක් දැක්වීය. ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි වූ විශ්වාසය පළුදු වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අරමුණින් සම්මත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය දේශපාලන සමාජය තුළ නැවත කතිකාවක් බවට පත්ව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවන පිරිස මෙය වෙනස් කළ යුතුයැයි ද එය දෝශ සහගත යැයි ද පවසති.

මේ සංශෝධනයට පක්ෂව කටයුතු කළ පිරිස් එහි දී සිදුවූ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් යම් ආරක්ෂක ස්ථාවරයක් ප්‍රකාශ කරමින් සිටිති. 19 වැනි සංශෝධනය වෙනස් කළ යුතු යැයි පවසන පිරිස කියා සිටින්නේ පාලන ක්‍රියාවලියට කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව එක් කිරීම සඳහා හෝ නිසි පාලන ක්‍රමයක් රට තුළට ගෙන ඒම සඳහා එසේ කළ යුතු බවයි. එම සංශෝධනය කඩිමුඩියේ ගෙන ඒමක් ලෙසත්, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇති බලවත් එදිවාදීකම්, එකඟතා නොමැතිකම් හේතුවෙන් කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව අඩුවූ බවත් විරුද්ධව අදහස් දක්වන අයගේ මතය වී ඇත.

එම සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන ප්‍රජාව තුළ මෙවැනි වෙනස් මතයන් ඇතිවී තිබුන ද සිවිල් සමාජයේ සහ ජනතාවගේ අදහස් කුමක් ද යන්න තවමත් පැහැදිලි නැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනතාව දරන්නේ කවර අදහසක් ද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් මහජන මත විමසුමක් පවත්වන ලදී.

මේ සම්බන්ධයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව්‍යුහාත්මක ප්‍රශ්නාවලියක් යොමුකරන ලද අතර අහඹු ලෙස දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමෙන් ප්‍රතිචාර දැක්වූවන් 200ක් සහ සම්මුඛව හමු වී දිස්ත්‍රික් මට්ටමින් සිංහල හා දෙමළ භාෂා දෙකම ආවරණය වනව පරිදි අදහස් දැක්වූ 200ක පරිසක් වශයෙන් පුද්ගලයෝ 400ක් සිය මතය ප්‍රකාශ කළහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ප්‍රධාන කරුණු සහ ගැටළු ප්‍රශ්නාවලියට ඇතුළත් වූ අතර ස්වාධීනව ප්‍රතිචාර දැක්වීමට ජනතාවට අවස්ථාව ලබා දෙන ලදී. ප්‍රතිචාර ලබා ගැනීම සඳහා භාවිතා කරන ලද්දේ බහුවරණ ප්‍රතිචාර ක්‍රමයකි.

කෙසේ වෙතත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනතාවගේ හැඟීම් පිළිබඳ වඩාත් සවිස්තරාත්මක අවබෝධයක් ලබාගැනීම සඳහා ඉදිරි අනාගතයේ දී සමීක්ෂණයක් පැවැත්විය යුතුය.

 

Tags: